පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලබූ බව වාර්තා වෙයි.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ බව ද වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වූ අතර, එහිදී ඇමැතිවරයා මෙම යෝජනවා ඉදිරිපත් කර ඇත.
ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බවට ඇමැතිවරුන් කීපදෙනකු ප්‍රකාශ කිරීම නිසා, යෝජනාව සාකච්ඡාවට ගැනීමට සතියකින් කල් දැමූනු බව වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා අපිට එපා..
පළාත් සභා නැතුව පසුගිය කාලේ රටේ ජනතාවට කිසිම හානියක් වෙලා නැහැ... පළාත් සභා අවශ්‍ය වෙන්නේ දේශපාලුවන්ට සහ ඉන්දියාවට පමණයි. අපේ රටට පළාත් සභා අවශ්‍ය නැත. පළාත් සභා වලින් තව තවත් රටේ ජාතික ධනය විනාශ කිරීමක් පමණයි වෙන්නේ...
පළාත් සභා නැතිව දැන් අවුරුදු 05ක් රට යනවා. පළාත් සභා සුදු අලියා අපට එපා.
බුර්කා තහනම් කරනවා. තරුණයින්ට හමුදා පාලනය දෙනවා. භූමදාන තහනම්, මද්‍රසා තහනම් කියපු කෙනා කිව්වා නේද? පලාත් සභාත් තහනම් කරනවා කියලා...
ඉන්දු ලංකා ගිවිසුම අනුවයි ලංකාවට පළාත් සභා පැමිණියේ. අත්සන් කලේ ජේ.ආර් සහ රජීව් ගාන්ධි අතරයි. පවතින ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන තාක් ලංකාවේ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයි.
පළාත් සභා එපා කියලා මුලු රටේම මිනිස්සු කියද්දී ලැජ්ජා නැතිව ඉන්දියාව පිනවන්න මේ මගුල ආයෙමත් අටවන්න යනවා. ඉන්දියාව ලස්සනට පස්ස පෙන්නුවා මුලු ලෝකෙම ඉස්සරහා. මෙහෙමත් පාලකයෝ ටිකක්. රට දවසින් දවස විනාශ වෙනවා. අඩු ගානේ රටේ ඉන්න මිනිස්සුන්ටවත් මොලයක් නැහැ හිතන්න.
යකෝ... දැන්වත් කෙලින් නැගිටින්න බලාපල්ලා. ඉන්දියාව අපි නැගිටිනවාට කැමැති නැහැ. මහජනයාගේ මුදලින් නඩත්තු වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා රට හදන හැටි කතා කරපල්ලා. ජපානය ලංකර ගනිල්ලා. මෙහෙම ගියොත් අපිට යනෙන මග නැතිවෙනවා. ගමේ ගැහිල්ල දැන්වත් නවත්තපල්ලා. පාසල් ළමයි කුඩු ගහන්නයි, ත්‍රී වීල් එළවන්නයි බලාගෙන ඉන්නේ .
අපි අපේ රට පළාත් වලට බෙදලා තියෙන්නෙ විදේශිකයන් හඳුන්වාදුන් පරිපාලන රටාව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන විදියට... මේ බෙදීම් අපේ ස්වභාවික පරිසර පද්ධති වල ක්‍රියාකාරීත්වයට බාධාවක් වෙලා තියනවා. උදාහරණයක් විදියට, මහවැලි ගංගාවේ මෝය හා කලපුව නැගෙනහිර පළාතටත්, උතුරු මැද පළාතටත්, ගංගාවේ පටන් ගැන්ම මධ්‍යම පළාතටත් අයත් වෙනවා. මේ නිසා නැගෙනහිර පළාතේ අයට ගංගාවේ පටන් ගැන්මේ තියන වනාන්තර ගැන වැටහීමක් නෑ. ඒ වගේම කන්දේ අයට කලපුවේ හා මෝය කටේ පරිසර පද්ධති ගැන වැටහීමක් නෑ. හැම ගංගාවකම මේ තත්වය තමයි තියෙන්නේ. මේ තත්වය වළක්වා ගන්න පුලුවන් එක විදියක් තියනවා. ලංකාව ප්‍රධාන ගංගා ද්‍රෝණි 9 කට බෙදලා, එම ගංගා ද්‍රෝණි වල පරිසර සංරක්ෂණ කටයුතු කරගෙන යන්න පළාත් සභා අමාත්‍යාංශයේ දැනට තියන කාර්යභාරය වෙනස් කරලා අමාත්‍යාංශයේ නමත් ගංගා ද්‍රෝණි කලමණාකරන අමාත්‍යාංශය කියලා වෙනස් කරලා එම සේවකයින්ම යොදා ගෙන වැඩ කටයුතු කළොත්, රටට සාමයක් උදාවෙනවා නේද? ජනවර්ගය අනුව අපේ රට පළාත් වලට බෙදිලා රණ්ඩු වෙන එක වළක්වා ගන්න පුලුවන් නේද? හැම ජනවර්ගයක්ම පරිසරය රැකගන්න යොමු කරගන්න පුලුවන් නේද?