දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි.

සබරගමුව,මධ්‍යම, ඌව, උතුරු - මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ ද වැසි ඇති වේ.