(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (5) ත් වළාකුලින් බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ප්‍රදේශවල ද මිලිමීටර 75 ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත් වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශවල සහ වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වල පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් සුළං ඇතිවන බව ඔහු කීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd