
(සුජිත් හේවාජුලිගේ)
මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල කඳු දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා රජයට පූර්ණ වාර්තාවක් ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර ඇත.
එම සංවිධානයේ විශේෂඥයන්ගේ හිඟයක් පවතින හෙයින් මෙම කටයුතු සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ද ජල සම්පත් මණ්ඩලය ඇතුළු වෙනත් ආයතනවල විශේෂඥයන්ද සම්බන්ධ කරගැනීමට එම සංවිධානය බලාපොරොත්තු වේ.
ජනතාව පදිංචිව සිටින සහ ආශ්‍රිතව සිටින කඳු පන්ති මෙහිදී විශේෂයෙන් ඉලක්ක කෙරේ.
මේ අතර කඳුනාය යෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කඳු පන්ති මෙලෙස පූර්ණ පරීක්ෂාවට ලක් කර ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජනතාව ඒවායේ පදිංචියට යොමු කිරීමට කටයුතු කෙරෙන බව වාර්තාවේ.
ආරක්ෂාව සැලකිල්ලට ගෙන කඳු පන්ති සියයකින් පමණ ජනතාව දැනටමත් ඉවත් කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 04
206
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් තුනක කඳු දෙදාහක් ’’චෙක්’’ කරයි