
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවෙන් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය
මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව පළාත් සභා මැතිවරණය පළාත් මට්ටමින් වෙන වෙනම පවත්වනවාද එකට පවත්වනවාද යන්න යන්න තීරණය කරන බවද ඔහු කීය
පසුගිය පළාත් සභා මැතිවරණයද එලෙස වෙන වෙනම පැවැත්වූ අවස්ථා තිබෙන බවද ඔහු කියා සිටියේය.
රත්නායක මහතා මෙසේද පැවසීය
‘‘පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්වීමට නම් පනතට එකතු කර තිබෙන සංශෝධනය ඉවත් කළ යුතුයි. පළාත් සභා මැතිවරණය සඳහා ලබන වසර (2026) සඳහා රුපියල් බිලියන පහක හෝ හයක මුදලක් වෙන් කර තිබෙනවා.
එමෙන්ම මැතිවරණය සඳහා මේ වසරටද මුදල් වෙන්කර තිබෙනවා. එහෙත් මෙම වසරේදී නොපැවැත්වුණහොත් එම මුදල් යළි භාණ්ඩාගාරයට යවනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා අවශ්‍ය නැහැ. දකුණේ ආණ්ඩුකාරයාත්, ප්‍රධාන ලේකම් සහ පරිපාලන සේවයේ ඇතැම් නිලධාරීන් හැසිරෙන්නේ සංවිධානාත්මක අපරාධ කරුවන් වත් හැසිරෙන්නේ නැති විදියට. මම වගකීමෙන් කියන්නේ. ජනාධිපති සහෝදරයාට මේවා ගැන මම කිහිප වතාවක්ම ලියලා ඇති. පළාත් සභා පනත සංශෝධනය කරනවා නම් අපටත් එන්න කියලා සාකච්ඡා පවත්වන්න. රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිළිබද විශේෂයෙන්ම සීමා පනවන්න අවශ්‍යයි. අඛණ්ඩව අවුරුදු 30 ක් හිටපු අය හිටියා. හිටපු ආණ්ඩුකාර විලී ගමගේ ගේ එකම උපදේශක සුනිල් දහනායකත් දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකි. ඉතිං කොහොමද මේ ආයතන ස්වාධින වෙන්නේ. අන්තිමට සාමාජික සංඛ්‍යාව 8 ලෙස වැඩිකරගෙන හිටියා. අපේ ජනාධිපති සහෝදරයාට වඩා වැඩි වාර ගණනක් ආණ්ඩුකාරයා විදෙස්ගත වෙලා තියෙනවාලු. මේ රට විනාශ කලේ දේශපාලකයෝ විතරක්ම නොවෙයි. මේ පළාත් සභාවල හාදයොත් රට බංකොළොත් කළාට වග කියන්න ඕනෑ...