
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම පැවැත්වීමට රජය අපේක්ෂා කරයි.
මෙම මැතිවරණය සඳහා සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් දැනටමත් අපේක්ෂකයන් තේරීම ඇතුළු වැඩකටයුතු ආරම්භ කර ඇත.
සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා දැන්වීම් ප්‍රචාරය කිරීමට පසුගිය සතියේ පැවති එහි නායක රැස්වීමකදී තීරණය කෙරිණ
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.
එම මතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවන් කිහිපයක් පැන නැගී ඇති බවත් එම බාධාවන් නිරවුල් කිරීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
පළාත් සභා නවයේම නිල කාලය අවසන් වීම හේතුවෙන් වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඒවා පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය.
මේ අතර පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පවත්වන්නැයි දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටී.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ නීති ගැටලු නිරවුල් කර දුන් වහා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවයි.
එම මැතිවරණය පැවැත්වීමට මුදල් දැනටමත් වෙන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, ඡන්ද නම් එපා දැන් ඡන්ද 3ක් තිබ්බ නේ දිගටම, දේශපාලුවන්ට ඡන්දෙ ඕන වුණාට වැඩි ජනතාවකට නම් ඡන්ද රුදාව නැ.
හිරේ යන්න ඉන්න අය අයින් කරලා සලකා බැලුවොත් නම් විපක්ෂෙන් ඉදිරිපත් කරන්න කවුරුත් නැති වෙයි..
ඔය පළාත් සභා මැතිවරණෙ මහා මැතිවරණෙ සමඟ තිබ්බ නම් ආණ්ඩුවට උඩින්ම දිනන්න තිබුණා , දැන් ආණ්ඩුවට කරන්න පුළුවන් නුවනාක්කරම වැඩේ වහාම පළාත් සභා ඡන්දෙ තියන එක. එහෙම කළොත් ආණ්ඩුවට පළාත්සභාවල යම්කිසි බලයක් තබාගන්න පුළුවන්. ඕක තව මාස 6 ක් කල් දමනවා කියන්නේ , ආණ්ඩුවට 25% වැඩි චන්ද ප්‍රතිශතයක් ගන්න බැරිවෙලා පළාත් සභා පරදිනවා , JVP එකට තිබුනේ 3% ඡන්ද ප්‍රතිශතයක් , ඔවුන්ට සම්ප්‍රධෛක පක්ෂවල මෙන් විශාල මුල් බැසගත් ඡන්ද ප්‍රතිශතයක් නැහැ , මාලිමාවට ලැබුනේ අර සම්ප්‍රදායික පක්ෂවල ක්‍රියාකලාපය නිසා කලකිරුණ ඡන්ද දායකයන්ගේ ඡන්ද , පසුගිය කාලයේ ආණ්ඩුවේ නොහැකියාව සහ මැති ඇමතිවරුන්ගේ ප්‍රකශ , ක්‍රියාකලාප නිසා ඔවුන්ගෙන් කොටසක් කලකිරී තම පරණ කඳවුරුවලට ගොස් අතැති බව පළාත් පාලන ඡන්ද ප්‍රතිපලවලින් පැහැදිලි වේ , ඡන්දෙ කල් දමන්න , දමන්න තව තවත් ඡන්ද දායකයෝ පරණ කදවුරු වෙත යනු ඇත ,
මුදල් වෙන් කරලා තිබෙනවා නම් වහාම පරණ ක්‍රමයට පළාත් සභා ඡන්දෙ තිබුනොත් ආණ්ඩුවට ස්වාධින කණ්ඩායමක් සමඟ එකතු වී හෝ යම්කිසි බලයක් පළාත් සභාවල හදාගන්න පුළුවන්. මාලිමාවේ ඡන්ද දායකයන්ගෙන් විශාල ප්‍රමාණයක් නැවත තමන්ගේ සුපුරුදු කදවුරු වෙත ගොස් ඇති බව පළාත් පාලන ඡන්දෙන් පෙනී ගිය , පසුගිය කලේ "ඉස්සා බිග් කුච්චන් ඇමතිගේ පාන් කතාව සහ වසන්ත සමරසිංහ ඇමති ඇතුළු මාලිමාවේ තවත් ප්‍රබල චරිතවල වත්කම පිළිබඳ ඇත්ත තත්වය ජනතාවට නිරාවරණය වීම නිසා , මේ තත්වය ඉදිරියට වර්ධනය වෙන්න පුළුවන්, එහෙම වුනොත් තව මාස 6 යන කොට චන්ද ප්‍රතිශතය 20% පහල වටෙන්න් පුළුවන් , විපක්ෂේ මේක දන්නා නිසා ඒගොල්ලත් ඡන්දයක් ඉල්ලා මේ අවස්ථාවේ දගලන්නේ නැත , එකට හේතුව ඡන්දෙ පහුවෙන්න. වෙන්න එගොල්ලට ඡන්දෙ දිනන්න පහසුවෙන නිසා ය.