උතුරු, උතුරු - මැද, මධ්‍යම,ඌව,නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 

සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම සහ සබගරමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් තත්වයක් පැවැතිය හැකියි.