(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ පළාත් හතක පාලම් 66 ක් කුවේට් ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව යටතේ මෙම පාලම් ප්‍රතිසංස්කරණය කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
කුවේට් රජය මූල්‍ය ආධාර සපයන මෙම පාලම් ව්‍යාපෘතිය වසර තුනක් ඇතුළත අවසන් කිරීමට නියමිතය
ජාතික මාර්ගයන්හි පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීම සහ පටු පාලම් පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීමෙන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ගමන් එමගින් ජනතාවට ගමන් කාලය අවම කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් වේ.
එමෙන්ම ගංවතුර , නායයෑම් වැනි හදිසි ආපදා තත්ව යටතේ වුවද රට පුරා මාර්ග ජාලයේ බාධාවකින් තොරව ආරක්ෂාකාරීව ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා තාවකාලික පාලම් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය පාලම් ලේඛනය මේ වන විට සකස් කර ඇති ඇති බවත් මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ එම පාලම් ප්‍රසම්පාදනය කිරීමට නියමිත බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් පාලම්ද ඇමැතිතුමා...?
අඩේ අප්පා මල්ල කරේ නේද? ඡන්දෙන් පරදින්න ඉස්සර වෙලා ගාණක් හොයාගෙන යන්න පුළුවන් වගේ....!
එතකොට කොයි පාලමෙන්ද පටන්ගන්නේ?
කොහෙන් හරි මේ අය මඩිය තරකරගන්න එක නම් අඩුවක් නැතිව වෙනවා. මේ කොළඹ ඇතුළේම තියෙනවා යන්න බැරි පාරවල්. මහ රෝහලේ රෝහල් චතුරශ්‍රයේ තියෙන අබලන්කම කාටවත් පේන්නේ නැහැ. ඇස් වාට්ටුව ඉස්සරහට පාර මාරුවෙන්න පදික මාරු පාලමක් දාන්න කාටවත් මතක් වෙන්නේ නැහැ. ලොකු කුට්ටියක් ගන්න පුළුවන්... එව්වට නම් උඩ පැනගෙන.