( ඩී.ජී.සුගතපාල සහ ඩී.ජේ.විජේසිංහ)
ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කිරිමෙන් පසු වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිම සදහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට ගෙනගිය අවස්ථාවේ බන්ධනාගාර නිලධාරින්ගේ බාරයෙන් මිදි පලාගිය සැකකරු ඇල්පිටිය ආදාහනාගරය අසල කැලැවක සැඟව සිටියදි එදිනම රාත්‍රි අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මුදල් සහ බැංකු කාඩ්පත් සොරකම් කිරිමේ වරදට අත් අඩංගවට ගන්නා ලද ඇල්පිටිය තලාව පදිංචි බෝවිතන්ත්‍රි සංජිව එරංග නමැති සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරු පවසා ඇත්තේ පොලිස් නිලධාරින් තමන්ට පහරදුන් බවය.
සැකකරු ලබන 13වනදින දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරිමට නියෝග කල මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසටද නියෝග කර ඇත.
ඒ අනුව බන්ධනාගාර නිලධාරින් සැකකරු ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත රැගෙන ගිය අවස්ථාවේ සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ජනෙල් කවුළුවකින් පැන ඊයේ (1)පලාගොස් ඇත.
පසුව සැකකරු සම්බන්ධ සියලු විස්තර අවට සියලුම පොලිස් ස්ථානවෙතද දැනුම් දිමෙන් පසු කරන ලද සෝදිසි මෙහෙයුමකදි සැඟව සිටි සැකකරු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළාගිය රැදවියා අත්අඩංගුවට