(යොහාන් භාසුර)
ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් විවෘත වෙළෙඳපොලේ තිබේදැයි පරීක්‍ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි සාම්පල් 125 ක් ලබාගෙන ඇතැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
දිස්ක‍්‍රික්කයකින් සාම්පල් පහ බැගින් වන පරිදි මෙම සාම්පල් ලබාගත් බවත් අදාල පොල්තෙල් ආනයනික සමාගම් නීති විරෝධී ලෙස ගුදම්වලින් ඉවත්කර තිබුණ හොත් නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි තාම මේ ආණ්ඩුව මෙම පොල්තෙල් අර්බුදය කල්මරන්න කමිටුවක් හෝ කොමිසම් සභාවක් පත්නොකලා
මෙම පොල්තෙල් දකුණු පළාතට බෙදාහැර ඇති බව පැවසෙනවා. අල්ලස් ලබාගෙන මේවා ගුදම්වලට යැවූ රේගුවේ අයට අධිකරණයේ නඩු පවරා මරණ දඬුවම දිය යුතුය. ගෙන්වපු අය පක්ෂ, විපක්ෂ අයගේ ගජමිතුරන් බැවින් හෙළි නොකළ යුතුය.