
(නිමල් ජයරත්න)
මහවැලි සී කලාපයට අයත් දිඹුලාගල නුවරගල ගොවි සභාපතිවරුන් සහ ගොවි නියෝජිතයෝ මෙන්ම ගොවියෝ, මෙවර මහ කන්නයට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර සහන සහනාධාරය කඩිනමින් ලබා දෙන්නැයි රජයට බලකරමින් අද පෙරවරුවේ මැදගම්පිටිය වෙල්යායේ දී උද්ඝෝෂණයක් සිදු කළහ.
කයිවාරුව ඇති ප්‍රමිතියෙන් යුතු පොහොර නිසිකලට ලබාදෙනු“යන සටන් පුවරු ගෙන උද්ඝෝෂණය සිදුකළ ගොවීන් ඉල්ලා සිටියේ මෙවර මහ කන්නයට ජලය ලබා දීමට පෙර සුදුසු පොහොර ලබාදීමට රජයේ කඩිනම් අවධානය යොමු කරන ලෙසයි.
එලෙස සිදු නොවන්නේ නම් මහවැලි සී කලාපයේ වී වගා කරන හෙක්ටයාර් 22,000 ම වගා නොකරන සිටීමට ගොවීන් තීරණය කර ඇති බව ගොවි සංවිධාන සභාපතිවරු සඳහන් කළහ .
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මේ ම්ස 20 වෙනිදා,තම කලාපයට වි වගා සඳහා ජලය නිකුත් කරන බවට ප්‍රකාශ කර ඇති බවත්,වි වගාවට සුදුසු රසායනික පොහොර හෝ වෙනත් ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදුනහොත් තමන් මෙවර වි වගා නොකරන බවද උද්ඝෝෂණය සිදු කළ ගොවීන් සඳහන් කළහ.
කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කිසිදු ආයතනයකින් තම ගොවි මෙතෙක් දැනුවත් නොකළ බවත් එම පොහොර නිෂ්පාදනය කිරීමට දින 28 ක කාලයක් ගතවන වන බවත් ,ඒ සඳහා සුදුසු කාලයක් තමන්ට නොමැති බව ද ගොවීන් සඳහන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොවීන් නොවේ... වගා කරන වෙළෙන්ඳන් ය. නියම ගොවියන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර ටික තමන්ම නිපදවා ගනී. මේ මිනිසුන් ඉල්ලන්නේම වසවිසය. හැම එකම ඉල්ල ඉල්ලා දඟළන හිඟන ආකල්පවලින් මොවුන් කවදා මිදෙයිද?
ඇඬුවොත් තමයි කිරි එරෙන්නේ.. පොතේ ගුරාලා සිටින මේ රජයට ගොවියන්ගේ ගැටළු නොතේරේ..
වකුගඩු රෝගය හැදිලා මළත් කම් නැහැ. රසායනික පොහොර දෙනවා නම් අනේ අපේ ගොවියෝ...