
(අංජුල මහික වීරරත්න)
කිව්.ආර් කේතයට පොහොර නිකුත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
පොහොර ලබාදීමේදී කිව්.ආර් ක්‍රමයකට යාම අත්‍යවශ්‍ය දෙයක් බවද අමාත්‍යවරයා කීය.
පොහොර නිකුත් කිරීම සඳහා කිව්.ආර් ක්‍රමයක් ගෙනෙන ලෙස යෝජනාවක් මේ වන විට පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර සම්බන්ධයෙන් දැනට ප්‍රශ්නයක් නැතැයි කී අමාත්‍යවරයා රටේ ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් තිබෙන බව කීය.
නමුත් කළු කඩ සහ සමහර පෞද්ගලික ආයතන කලින් ගෙන්වූ පොහොර වල මිල වැඩි කර තිබෙන බව කී අමාත්‍යවරයා මේ වන විට පොහොර මිටිය රුපියල් 12000-13000ක මිලකට අලෙවි වන බව සඳහන් කළේය.
අසාධාරණ අයුරින් මිල වැඩි කරන්නට එපා යැයි අදාල සමාගම් වලට දැනුම් දී තිබෙන්නේ යැයිද පාරිභෝගික සේවා අධිකාරියද මෙම ප්‍රශ්නයට මැදිහත් විය යුතුව ඇතැයි ද අමාත්‍යවරයා කීය.
කෙසේ වුවද පොහොර හිඟයක් ඇති නොවන පරිදි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව ලාල් කාන්ත මහතා පැවසීය.
මේ කන්නයේදී ලොකු පොහොර ප්‍රශ්නයක් ඇතිවන්නේ නැතැයිද ලබන මැයි මාසයේදී චීනයෙන් පොහොර තොගයක් ගන්නට හැකියාව ඇතැයි ද අමාත්‍යවරයා කීය. ඉදිරි පොහොර සැපයුම සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ලාල් කාන්ත මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd