(අංජුල මහික වීරරත්න)
පොහොර මිටියක් රුපියල් 10,000 ලබාදිය යුතුයැයි පොහොර ප්රශ්නය විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුව රජයට නිර්දේශ කර තිබේ.
පොහොර ප්රශ්නය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ මේ වන විට රුපියල් තිස් දහසක් 35000ක් වැනි අධික මිලකට පොහොර මිටිය අලෙවි වන බව ද මෙම තත්වය යටතේ ගොවීන්ට වගා කටයුතු කර ගැනීමට නොහැකි වනු ඇති බවත් ය.
මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් ඉදිරියේදී ජනතාව වගාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමෙන් රටේ ආහාර හිඟයක් ඇතිවීමට හැකියාව තිබෙන බැවින් අඩු මිලට පොහොර ලබා දීමට කඩිනමින් කටයුතු කළ යුතු බව කමිටුව නිර්දේශ කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර මිටියක් රුපියල් හත්දහසකට හෝ අටදහසකට ලබාදිය යුතුයැයි නිර්දේශ කළද පොහොර මිටියේ ප්‍රමාණය සහ ගුණාත්මක බව පැහැදිලිවිය යුතුවේ. දෙවනුව දිනපතා ගෝලීය වෙළෙඳපළ තුළ සිදුවන වනස් වීම් නිසා ඉදිරියේදී රුපියල් හත්දහසකට හෝ අටදහසකට පොහොර මිටියක් දිය හැකිද? එසේ නොහැකිනම් ගෝලීය වෙනස්වීම අනුව පොහොර මිලද වෙනස්වනු ඇති බව පැහැදිලිව ගොවියන් වෙත දැනුම් දිය යුතුවේ. එසේ නොවන්නට ස්ථාවර මිලකට (රුපියල් හත්දහසකට හෝ අටදහසකට) සෑම වසරකම පොහොර ලබාදීමට පොරොන්දු ලබාදීම නොකළ යුතුවේ. පොරොන්දු මත දේශපාලනය කළ යුගය අවසානව ඇත. නැවත පොරොන්දු මත දේශපාලනය ලංකාවට සුදුසු නොවන බව තේරුම්ගත යුතුවේ. වර්තමානයේ රටතුළ පවතින ආර්ථික අර්බුදය නිසා පළමු කන්නය සඳහා පමණක්ම පොහොර මිටියක් රුපියල් හත්දහසකට හෝ අටදහසකට ලබා දීම සලකා බැලිය යුතුවේ. එවිට ගොවීන්ගේ උනන්දුවද ඉහළ යනු ඇත.
ගොවිබිම්වල පස් සාම්පල් පරීක්ෂා කරබලා අවශ්‍ය සංඝටක පමණක් යොදා පසට ගැලපෙන පොහොර මිශ්‍රකර ගැනීමෙන් විශාල පොහොර ප්‍රමාණයක් ඉතුරු වෙන අතර පසේ සාරවත් බවත් ආරක්ෂා වෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානවල කල්මරමින් සිටින නිලධාරීන්ට වහාම මේ කාර්යබාරය පැවරුවොත් පොහොර ලැබෙන කාලයක, මේ ව්‍යාපෘතිය ඉක්මණින් නිසි ආකාරව කරගෙන යන්න පුළුවන්. එවිට අපට අවශ්‍ය පොහොර වර්ග සහ ප්‍රමාණයන් පිළිබඳව සංගණනයකුත් සකස් වෙනවා.