
(ක.ග.කරුණාරත්න)
වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස සහ ඉහළ යන ජීවන වියදම පහත හෙළන ලෙස රජයට බල කරමින් ගොවීහු පිරිසක් මින්නේරිය මහ ගොවිජනපදයට අයත් හිඟුරක්ගොඩ, හතමුණ වෙල් යායේදී අද (11) උද්ඝෝෂණයෙක නිරත වූහ.
ගොවියා මර උගුලකට හසුකර ආණ්ඩුව මර නින්දේ පසුවන බව විරෝතාවට එක්ව සිටි ගොවි ගෙවිලියෝ කියා සිටියහ.
එම නිසා ගොවියා නසන රට වනසන ආණ්ඩුවට එරෙහිව මේ විරෝධතාව දක්වන බව කියා සිටි උද්ඝෝෂණකරුවෝ වගාවට අවැසි පොහොර නිසි කලට ලබාදෙන්නැයි ඉල්ලීම් කළහ.
සමගි ජනබලවේගයේ මින්නේරිය ආසන බල මණ්ඩලය මේ ගොවි උද්ඝොෂණය සංවිධානයකර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd