IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පිහියකින් ඇන තරුණයෙක් ඝාතන කිරීමේ සිද්ධියට අයෙක් අල්ලයි

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම ගනේගම පූර්වාරාම පාරෙදි තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි 24 හැවිරිදි ප්‍රධාන සැකකරු අලුත්ම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිවල ප්‍රදේශයේ සැඟව සිටියදී අද (2 ) අත්අඩංගුවට ගත් බව කියයි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර තරුණයින් තිදෙනෙකු නීතිඥවරුන් මාර්ගයෙන් අලුත්ගම පොලිසියට භාර වී තිබේ .
ඉකුත් 28 වැනි දින රාත්‍රී තරුණ දෙපිරිසක් දෙතැනක පැවැති සාදයක් අතර දුරකථන සංවාදයක් දුරදිග ගොස් පසුව දෙපිරිස රාත්‍රී 11ට පමණ එකිනෙකා හමුවි ඇතිවූ ආරවුලෙන් අනතුරුව අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි දම්මික ලක්ශාන් නැමැති තරුණයකු පිහි ඇනුම් කා බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේන බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

එදින සිට සිද්ධියට සම්බන්ධ අලූත්ගම පදිංචි ප්‍රධාන සැකකාර තරුණයා පොලිසිය මග හැර ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිට ඇති අතර දින කීපයකින් පසුව අලුත්ගම පොලිසියේ කණ්ඩායමක් දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .

මෙම ඝාතනයට සම්බන්ධ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් තිදෙනාද අද 2 කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

පිහියකින් ඇන තරුණයෙක් ඝාතන කිරීමේ සිද්ධියට අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site