(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම මහා මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක්ද පත්කර තිබේ.
ඒ අනුව එම කමිටුව විසින් මහා මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය හා සකස් කිරීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (12) රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් ද සහභාගීවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවයි සංධානයයි එකතු වී ඇති නිසා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් ව්‍යවස්ථානුකූල බවට අද තීරණය වේවි. ඔන්න ලංකාවේ දේශපාලනය කැරකෙන හැටි.
හොරුන්ට ඉතා සුභ ආරංචියක්. මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත නං, ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කරද්දී, විශේෂ මහ අධිකරණ සහ එෆ්සීඅයිඩි එක අහෝසි කරන පොරොන්දු ඇතුලත් වේවි
පසුගිය මැතිවරණය වගේ අගමැති මහින්දගේ අපේක්ෂකයෝ මනාපයෙන් දිනයි, එස් බී , දිලාන්ලා පැරදුනේ මෛත්‍රී සමග ඉල්ලපු නිසානේ
රයිගමයයි, ගම්පලයයි මතක්වෙන්නේ මට විතරද?