දේශපාලන ලෝකය තුළ බලය ලබා ගැනීමට ප්‍රයත්නය දැරුවත් බලය සහ තනතුරු අතහැරීම සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. එම අසීරු තීරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස් වූ බව කතානායකවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
එදා මෙදා තුර මෙරට ඉතිහාසයේ බලය අතහැර තනතුරෙන් නික්ම ගොස් නැත. එය දුෂ්කර තිරණයකි.
තිස්වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මව්බිමට සාමය දිනාදීම සඳහා තීරණාත්මක කාර්ය බාරයක් ඉටුකළ විශිෂ්ඨත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව මාස තුනක් ගත වන්නටත් පෙර කෝවිඩ් වසංගතයෙන් රට වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ සංකීරණ අභියෝගයට මුහුණ දීමට සිදු විය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කෝවිඩ් වසංගතය විධිමත්ව කලමනාකරණය කිරීමට සමත් වූ බව ජාත්‍යාන්තරය පවා පිළිගෙන තිබූ බව ද එම නිවේදනයේ සඳහන් වෙයි
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට බයේ හැංගිලා පැනලාගිය වීරයෙක්..?
බලය අතහැරියා නොවෙයි, ජන අරගලයෙන්, බලයෙන් පහ කෙරූබවට ඉතිහාස ගතවන ජනාධිපති සහ අගමැති (මහින්ද). තමන්ගේ සේවය අහවර වූ විට විශ්‍රාම ගියානම් රන් අකුරෙන් ඉතිහාසගත වන දෙපලක්...!
මෙය හොහැකියාව හේතුවෙන් පන්නා දැමීමක්.
ඉල්ලා අස්වූවා නෙමේ පන්නලා දැම්මා.
බලයෙන් සහ රටින් පන්නා දැමූ බවට මෙයින් සහතික කරමු...
නාකිවුණත් වඳුරා බිම යන්නේ නැහැ නේද? ආපහු ඉල්ලන් කන්න හදන්නේ...!
අනේ බයිලා තමයි, තනතුර අතහැරියා නෙමෙයි ගහලා එලෙව්වා කියපල්ලා. පොහොට්ටුවන් කියන්නේ මේ රට කාපු හැත්තක් අතුගාලාම දාන්න ඕනේ...!
කෝ පොහොට්ටුවේ ලේකම්, නැට්ට පස්සෙ ගහගෙන ඇති පවු...!
රාජපක්ෂ රෙජීමය ලංකාව ලෝකෙටම බාල්දු කරලා කුජීත වෙලා රටෙන් පන්නලා දැම්මේ. දැන් සරණාගත කම් ඉල්ලනවාලු අරාබියෙන්.. මොනතරම් ලැජ්ජාවක්ද? පල දෙනකොට මුලු සංවරේම හැදිගෑවිලා යනවා. ඕකතමයි ලෝකෙ ධර්මතාවය...
බයිලා කියන්නේ නැතිව යන්න. ඔබයි, ඔබේ පවුලේ අනික් අයයි... යුද්ධයෙනුත් මහාපරිමාණයෙන් ගසාකෑවා. හොර සාටකයින් තවත් බයිලා කෙළින්න එනවා. සනුහරේටම හෙණම ගහනවා. දූෂිත වංචාකාරයින් විතරක් නෙවෙයි, මිනීමරුවෝ...
කොහෙද ඉල්ලා අස්වුනේ...? අන්තිම මොහොත දක්වා එල්ලිලා ඉන්න බැලුවේ...!
කවුද අයින් වුනේ...? රටේ මිනිස්සු බල කරද්දි ගේම් ගහගහ බලයේ ඉන්නනේ හැදුවේ. අන්තිමේ මිනිස්සු ගහලා පැන්නුවා...!
කොටි ගහපු අවුරුදු 30 වගේද අයියලා, මල්ලිලා එකතුවෙලා ගහපු අවුරුදු 2...!
ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙහෙවින්ම ආදරය කරමි. මක් නිසාද යත් ඔහු මෙරට කුරිරු යුද්ධය අවසන් කිරීමට අපමණ මෙහෙයක් කළේය. ඔහුට අභියෝග ජය ගන්නට අත දුන් අයට වඩා ඉන් පළිගත් අය බොහෝය.. ඔහුට සොරා කෑමට රටක් තිබුණේ නැත. ඒ වනවිටත් රට විනාශ වී හමාරයි. ඔහු නිරපරාදේ අපහාස විඳ නික්ම ගියේය. ඔහු දිනාදුන් දේශය මත හිඳ ඒ නාමයෙන් හෝ ඔහුට සමාව දිය යුතුයි. ගරුකළ යුතුයි.
හොඳට කාලා වැඩිකමට, බලයෙන් පැන්නුවා.
රට විනාශ කරපු මේ අයගේ පින්තූර දකිනකොටත් අප්පිරියයි...!
මේක කියවනකොට කොතැනින් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ. මේ රටේ ඉන්න තණකොළ, පුන්නක්කු කාපු වහල්ලු ප්‍රමාණය දැන් 69 ලක්ෂයට වඩා අඩුයි කියලා පොහොට්ටුවේ ඉතුරුවෙලා ඉන්න කබ්බන් ටික තේරුම් ගන්නකල් මේ වගේ පම්පෝරි කියවයි. පුරාජේරුවල නම් කිසි අඩුවක් නැහැ.
රට, ජාතිය බංකොලොත් කරපු පළමු විධායක ජනාධිපති. දූෂණයෙන් හොරකම, වංචාවෙන් පිරි රටක් නිර්මාණය කළා. අධිකරණය ආධිපත්‍යය විනාශ කළා. හොරුන්, මිනීමරුවන් නිදොස් කොට නිදහස් කරන රටක් බිහිකළා. ආදරේ අරගලයෙන් රටෙන් පන්නා දාපු ජනාධිපති වරයෙක් බවට මෙරට ඉතිහාසයට එක්වෙනවා.
මිනිස්සූ තවම මැරිලා ඉපදිලා නැත
අපේ රටේ බත් කන හරක් තවම ඉන්නවා
නන්දසේන රට කෑවා, ගසා කෑවා, අන්තිමට බය ගුල්ලෙක් වගේ රටෙන් පැන්නා...!
සවුබාග්‍යයේ දැක්ම පෙන්වන්ඩ ඇවිත් කරපු විනාසේ ලෝකෙම දැක්කා.ජනතාවගේ කතිරෙන් බලයට ඇවිත් මුලුමහත් ජනතාවම මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා. මේ වගේ බලලෝබි දූෂිත පවුල් පාලනයක් 1948 න් පස්සේ ඔය හිටියාමයි .ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවාට කිසිම සැකයක් නැහැ .
සිංහලයාට කෙදිනකහෝ සත්‍ය වැටහෙනු ඇත. එවිට බොහෝ පමාවී තිබෙනු ඇත.
ඇත්තටම ගෝඨාභය මහත්තයා ඇත්තටම රටට වැඩකරන්න පුළුවන් කෙනෙක්. ඔහුගේ සම්පූර්ණ ජීවිතය විනාශ කළේ පොහොට්ටුවේ ලේකම් සහ බැසිල්. මොවුන් තමයි වගකිව යුත්තේ. මහින්ද මහතාව විනාශකළේ බැසිල් සහ නාමල්. මේ සැරේ නම් බැසිල්...
මෙක හිතේ අමාරුවට ලියපු ලියුමක් උනත් මෙ තත්වයට සහලින්ම වගකිව යතු වටෙ හිටපු හෙන්චයිල අඩුම තරමෙ තෙල් ටික ගස් ටික සලක ක්‍රමයට නිසි පරිදි බෙදවනම් ඔහොම යන්න වෙන්නෙ නැහැ. අද එ මනුස්සයට ගෙදර ගෑනි විතරයි කබනික ලනු දුන්න එකෙක් ඉන්නවද අනාගතෙ එන්න ඉන්න හැමොටම මෙව හොද පාඩම්. මොනව උනත් ලංකාවෙ මිනිස්සු ඉතාම විනයකින් හැසිරුන පොදු දේපල අරක්ශා කල හමුදාවත් බුද්දිමත් වැඩ කල මෙ වගේ ජවසම්පන්න දයිර්ය සම්පන්න විනයක් තිබුන තරුණ කොට්...
සරත් ෆොන්සේකා මහත්තයා යුද්ධය දිනා දුන්නා. එතුමාව බිමදිගේ ඇදගෙන ගියා. කොටින්ගේ මුදල් රත්රන් හා ප්‍රභාකරන්ගේ රත්රන් හමුදා පිළිමය කෝ? කව්ද ඒවා ගත්තේ...? අනතුරුව යුද්ධය, ජාතිවාදය, ආගම්වාදය පෙරට දාගෙන පාස්කු ප්‍රහාරය මැදින් දුසිල්වතුන්ගේ පිහිටෙන් බලයට ආවා. අරගලකරුවන් අයියා මලෝ දෙන්නාවම පන්නා දැම්මා. නැතිව කැමැත්තෙන් ගියා එහෙම නෙමෙයි. ඒත්, දැන් කියන්නේ කැමැත්තට අයින්වුණා කියලා.එළෙව්වේ නැතිනම්, තාමත් ඉන්නවා.
තෙරුවන් සරණයි ජනපතිතුමනි. ඔබ අමරණීයයි..!