
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මැතිවරණ වලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදි වලට සම්බන්ධද? නැද්ද?යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නාම යෝජනා ලබා දීම, ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් තම පක්ෂය සමග කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වමේ හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ඒ බොහොමයක් නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.
මැතිවරණයට දින තීන්දු වූ පසු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන බවත් කෙසේ නමුත් අප ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ... හොරෝ.. නැත්තං මිනිමැරුම් දූෂණ වංචා ආච්චි කරපුවා කියලා ලියුමක් අරං පක්සෙට ඒන්න බැරිද බොස්..@
ඇති යන්තම් පිළිගත්තා ඔන්න ඔහොම එන්න. හැබැයි ඉස්සෙල්ලම වාර්තාව ඔබ තුමාගේ හොඳේ...
පොලිස්වාර්තා නොවෙයි තවුතිසා දිව්‍ය ලෝකයෙන් ලියුම් ගෙනාවත් ඔය රාජපක්ෂ කල්ලියට අයිති කිසිම දිනක වැලිකඩ හැර අන්කිසි තැනක ඉඩක් නෑ..
ශා නියමයි.. එහෙම වුණොත් නාමල් රාජපක්ෂත් ලෙෆ්ට්.. නඩු ගණනාවක් තියනවානේ.. ඇකියුස් කෙනෙක්නේ...
එහෙමනම් නාමල්ටත් ඉල්ලන්නත් බැරිවෙනවනේ...
දැන් ඉන්න අයගේ පොලිස් වාර්තාවක් ඉක්මණට ඕනේ නැද්ද?.. නැත්නම් ඉස්සරහට එක එක එක්කනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර කර ඉන්න වෙන්නේ..
දැන්ද මතක් වුණේ...?
හිනා ගස්සලා මරවන්න එපා...
එහෙම වුණොත් ඉන්න සෙට් එකෙන් 90% කැපෙනවා...
ඇත්තට? ෂා නියමයි... පොලිසිය මිද්දෙණියේද?
එතකොට ඔයාටත් බැහැනේ නාමල් බබා...
නිකන් බොරු කියන්නේ නැතිව ඉන්න. එහෙම වුණොත් ඉස්සර වෙලාම තමුන් දේශපාලනයෙන් සමුගන්නා කාලය ඒවි.
හැමදාම ජාතික ලැයිස්තුවෙන් තමයි...
සරං, කලිසං, අමුඩය සහ?
අනේ ඔයාගෙ මොලේ... කෙහෙල් ඉෂාරා ඇල්ලුවේ නැත්නම් සාමාජිකයන්ගේ පොලිස් සහතික හොඳයි නේද... පොඩ්ඩක් හිටපන් අනික් ටිකත් අල්ලනකම්.... පොලිස් සහතිකේ ඇපයට දෙන්න ට්‍රයි එක..
පොහොට්ටුවේ වැඩි හරියක් ඉන්නේ පට්ට හොරු, දූෂිතයෝ. ඔවුන් කරලා තියෙන වැඩවල හැටියට පොලිස් වාර්තාවක් වුණත් හොරට හදාගන්න බැරිකමක් නැහැ.
හොඳ අදහසක්, අනෙත් පක්ෂත් මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි.
ඔය අනිත් පක්ෂත් ඕක කළා නම් හොදයි වගේ... මොකද කළින් කාලා බලලා නෙවෙයිනේ අරගෙන තියෙන්නේ ඊබ්‍රහිම් එහෙම...
වැඩේනම් අපුරුයි, හා හාපුරා කියලා මුන්නැහේ කරපු කියපු දේවල් ගැන සම්පුර්ණ පොලිස් වාර්තාවක් අරගෙනම වැඩේ පටන්ගත්තා නම් තමා හොඳ...
ගොන් වැඩ නොකර ඉන්න.
එක්කෙනෙක්වත් හොයාගන්න බැරිවෙයිද?
ඉතිං මගේ දෙයියෝ, ඔයා වාගේ චිට් එකෙන් එන්නේ පොලිස් වාර්තා ඕන නෑ නේද?
පොලිස් වාර්තාවෙන් ආවොත් බේබි. ඔයා ඉන්න නඩේ සේරම හිරේ තමුන්ගේ බාප්පලා සමග. ගොනා කට ඇරියොත් හතර වරිගේ. ගා ගන්නවා. දැන්මෙයා යන්නේ නෙලුම් මලෙන්. අද ඊයේ ඉපදීලා තියෙන්නේ. අම්මා වදලා. නැහැ බර්ස්ලා අත දාලා ඇදලා අරන් තියෙන්නේ එලියට. ඒ වේලාවෙ ඔලුව වැදිලා තියෙනවා. තමුන් ලග තියෙන සහතිකෙත් හොර එකක් තමුන් පොලිස් සහතිකේ අරන් පෙන්වන්න පළමුව. උසාවියේ නඩු නැහැ... පාසල් යන දරුවෝ තමයි කුලියට ගන්න වෙන්නේ. හොර නඩේ. හැම එකාටම හොර පගා මිනීමැරුම් කුඩු. මේ කිසි දෙයක් නැති කෙනෙක්. ඡන්දෙට පෙර හිරේ යයි. නැත්නම් හිරේ ඉදන් ඡන්දේ දාන හැටි බලන්න වෙයි.
මාර idea එකක් නෙ අපෙ නො-මොළයට පහළ වෙලා තියෙන්නේ ! එහෙම ගියාම පොලිසියටත්, එයාලගේ වැඩ සිම්පල් වෙනවා... කලින්ම කුඩ්ඩෝ, කුලී තුවක්කු කාරයො, චණ්ඩි මල්ලිලා කූඩු කරොත් අනිත් පක්ෂවලට කොහොම උනත්, පොහොට්ටුවට නම් අපෙක්ෂකයින් හොයන්න වෙන්නෙ ඉතියෝපියාවෙන්, උගන්ඩාවෙන් නැත්නම් තූත්තුකුඩියෙන් තමා...