(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට කැමැත්ත පළ කළ බොහෝ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් එජාප මහා ලේකම්වරයා මෙි බව කීය.
එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට බොහෝ දෙනෙක් කැමැත්තෙන් සිටින නමුත් ඔවුන් එන නිශ්චිත කාලයක් ගැන කිව නොහැකි යැයිද රංගේ බණ්ඩාර පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලනය කියන්නේ රස්සාවක්...! අවංකවම සේවය කරන අය බොහොම අඩුයි..! ඉතින් රට හැදෙයිද? හැබැයි කාගේ හරි වැරදි හොයන්නනම් ඒ තරම් මොලකාරයෝ ලෝකෙ කොහෙවත් නැහැ..! කෙටිම උදාහරණය බලන්න හිටපු අපේ මැති ඇමතිලගෙ චන්ඳ ලැබුනු ගම්... අදටත් තාමත් සුද්දා රට බාර දෙනකොට දුන්නා හා සමානයි ? .... තාම ඒපැතිවල පාසල් යන ලමයිට යන්න හරි පාරක් නැහැ... වතුර නැහැ ... මැටි ගෙවල්වල ඉටිරෙදි වටේට දාගෙන ඉන්නේ.... ඒත් ඒ මැති ඇමතියගෙ ඩ්‍රයිවරයගෙ ඉඳලා මැති ඇමතිය බලාගන්න එවුන් විඳින සැප..! හොරකම ලේ නහරවල උඩු දුවලා තියෙන්නේ...! උන්ගෙ වයස 21 කොල්ල කෙල්ල පදින වාහන දැක්කම හිතාගන්න පුලුවනි ගමට දුන්නු සල්ලි වලින් ගමට වුනු සෙත! හැබැයි බින්දු පහේ මාසික පඩිය නොකඩවා අරගෙන බැට් පිත්ත වගේ තිබුණ ඇඟපසඟ රා මදින කිතුල් ගසක් බඩ දරුවුනා වගේ බඩගෙඩියක් දාල හදා රටටම පෙන්වනවා ...!
පොහොට්ටුවේ 134න් තෝරාගත්තු පින් ජනපති. දැන් හදන්නේ අලියාගේ පිට උඩ නැගලා ගොඩයන්න. ආත්මාර්තකාමී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ඉන්න රටකට හරි යයිද..?
නැව ගිලෙන්න යනකොට තමයි මීයන් පනින්නේ...!
ගංවතුර වෙලාවට නයි මුගටි දෙගොල්ලෝම යන්නේ එකම පාරුවේ බන්...
ඔය දෙකටම මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ.
දෙගොල්ලොම එක තැනකට සෙට් වෙන එක හොඳයි , එතකොට රටේ මිනිසුන්ට ලේසි හොරු ටික ඔක්කොවම් එක පාර ගෙදර යවන්න.
කොයි බෝතලේ ගත්තත් එකම කසිප්පු ඒ හැම එකේම.
උඹලා ආලවක යක්ෂයා සමග එකතු උනත් අපිට කමක් නැහැ. මොකද දැන් උඹලා ඉන්නේ විමානයේ නිසා. ඊළඟ සැරේ උම්බ්ලාව විමානයට ගන්නවාද කියන එක රටේ ජනතාව තීරණය කරාවි. මැට්ටෝ උඹලව ගන්න තීරණය කලොත් ඉතින් කරන්නදෙයක් නැහැ.
උනුත එකයි, මුනුත් එකයි. කියපු ඇයොත්, යකා නටයි.
උඹලා අලියට,කොටියට,නරියට කැමැත්තෙන් හිටපිය.උඹලා මිනිස්සුන්ට කැමති නැහැනේ