
(ජේ..කේ.එල්.චාමින්ද )
ළමුන්ට එරෙහිව පසුගිය වසර තුන තුළදී ලිංගික අතවර, මිනීමැරුම්, දූෂණ ආදී බාල අපරාධ 8, 492ක් සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.
ළමුන්ට එරෙහිව සිදුවන අපරාධ ප්‍රමාණාත්මකව වැඩි වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන්වේ.
මෙම කාලය තුළ ළමුන්ට එරෙහිව සිදු වීඇති ලිංගික අතවර සංඛ්‍යාව 4309 කි. ළමුන් 54 දෙනෙකු පසුගිය වසර තුන තුළදී ඝාතනයට ලක්වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි.
2022 වර්ෂයේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2821.2023 වර්ෂයේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2764 ක් සිදුවී ඇත.2024 වර්ෂයේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2907 ක් සිදු වී ඇතිබවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පහුගිය වසරතුනේදී ළමුන්ට එරෙහි අපරාධ 8,429ක්