එළැඹෙන සඳුදා දින (04දා) සිට අප්‍රේල් 08 වැනිදා ( සිකුරාදා) දක්වා කාලය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලවලට අත්‍යාවශ්‍ය සිසුන් පමණක් ගෙන්වීමට විදුහල්පතිවරුන්ට අවසර දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට හැකිවෙයි.
මේ වනවිට උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු ශ්‍රේණිවල වාර පරීක්ෂණ අවසන්ව ඇති බවත් අනෙකුත් පළාත්වල ශ්‍රේණි කිහිපයක් සඳහා පමණක් එළැඹෙන සතිය තුළ වාර පරීක්ෂණ පැවැත්වීමට ඉතිරිව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එළැඹෙන සතිය තුළ සියලු ගුරුවරු සහ පාසල් කාර්යය මණ්ඩල පාසලට පැමිණිය යුතු බවද මෙම නිවේදනයේ දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන ඇමතියා නින්දෙන් අවදිවෙලා ගත්ත මඤ්ඤං තීරණයක් වගේ පට්ට විහිළුවක්...!