
(මලිත් රාජපක්ෂ)
කන්තලේ ජාතික පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලැබූ අතර ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ශල්‍ය කර්මයකට භාජනය කිරීමත් සමග අද (01) එම විද්‍යාලයේ පැවැත්වීමට තිබූ ලෝක ළමා දින වැඩ සටහන්වලට සිසුන් බහුතරයක් සහභාගී නොවී පාසල් පැමිණීමෙන් වැලකී සිටි බව විදුහල් ආරංචි මාර්ග කියයි.
තුවාල ලැබූ සිසුන් තිදෙනා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යකඩ පොලු පහරකින් හිසට බරපතල හානි සිදුවූ සිසුවා ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හිසේ සිදුවු අභ්‍යන්තර රුධිර වහනය වැළැක්වීම සඳහා ශල්‍ය කර්මයකට භාජනය කිරීම සදහා සිසුවා කඩිනමින් මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව රෝහල් බලධාරීන් පැවසූහ .
සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි දුරකථන අංකයට ලද ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ කන්තලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩබ්.එල්. ලක්මාල් විජේරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විදුහලට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.
ගැටුම සිදුවූ ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ ලේ පැල්ලම් ගැටුමට භාවිතා කළ දෑ පිළිබඳ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ළමා දිනය ජාත්‍යන්තර ප්‍රමිතියෙන්ම සමරලා තියෙන්නේ.
මේ අයට කවුද "ළමයි" කියන්නේ?
ආණ්ඩුව අලුත් නීති ගේනවා මේ පොඩි සාතන් පැටවුන්ට කිරිදීලා හදන්න කියල, පොඩි කාලේ හොඳට තරවටුවක් දඬුවම් නොකර හදන ළමයින්, ඉතා සුළු දෙයටත් හිත රිදවාගන්න ඉක්මනින් තරහා යන පරපුරක් වෙනවා, දැනටත් බටහිර ඔය විදිහේ පරපුරක් ඉන්නවා. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වලින් වෙන්නෙත් ඕකම තමයි.
දිමුත් කියනදේ හරි මොකද අද ළමා දිනය පමණක් නොවෙයි වැඩිහිටි දිනත් අදනේ අර පනත බලාත්මක නැතිව ඔහොම නම් පනත ක්‍රියාත්මක වුණොත් කොහොමට හිටීද ඔහොමම යන්කෝ....
ගොඩේ හාල් පාරුවෝ...