
(අංජුල මහික වීරරත්න)
පාසල් විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති ගැටළුවට විසදුම් දී දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඇඟේ හයියෙන් සහ කටේ හයියෙන් ප්‍රශ්න විසදනවා වෙනුවට රටේ අනාගතය ගැන සිතා ජාත්‍යන්තර ගුරුදිනයේදී වත් ගුරු ගැටලු විසදන්නට රජයේ අවධානය යොමු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද නියෝජ්‍ය නායකවරයා සදහන් කළේය.
ඔක්තෝම්බර් දෙවැනි සතියේ සිට ක්‍රමානුකූලව පාසල් විවෘත කිරීමට රජය අපේක්ෂා කර ඇති නමුත් පාසල් විවෘත කිරීමට ප්‍රථම ආණ්ඩුව විසින් කළයුතු කාරණා කිහිපයක් තිබෙන බව ද විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි.
ඔබ හරි
ගින්නට පිදුරු දාන හිවල්ලු ඇස් වහගෙන අඳුගන්න පුළුවන්...
අනේ මෙහෙම මිනිස්සු... මෙයාලාව ඊළඟ සැරේවත් යවන්නේ නැතිව ඉන්න.
ඉස්සර වෙලා කියනවද තමන්ගේ කාලේ මේ වැටුප් ප්‍රශ්නය විසඳුවේ නැත්තේ ඇයි කියලා..?