IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු 3ක් මරුට

( දිනේෂ් උපේන්ද්‍ර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක්  මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

ඒ අතර පාසල් වෑන් රථ රියදුරා ද වන බව පොලිසිය  කියයි. අනතුරින් තුවාල ලැබූ තවත් පාසල් දරු දැරියන්  13 පිරිසක් රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි

ඔවුන් කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය කියයි.

 

(ඡායාරූප බිමල් ශ්‍යාමන් )



අදහස් (22)

පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු 3ක් මරුට

Saman Wednesday, 27 August 2025 09:02 AM

අඩුම තරමෙ මහාමාර්ගයේ විනයවත් හදන්න මේ ආණ්ඩුවට කොන්දක් නැහැ.

:       126       34

ගමේ එකාලාWednesday, 27 August 2025 12:50 PM

කිසිම විනයක් චාරයක් නැති රියදුරන් ගේ වැරදි.මේවට ආණ්ඩුව පලි නැහැ.දූෂිත.දේසපාලුවෝ පිරිවරා ගත්තු ආරක්ෂයෝ පාර බදු අරගෙන ගිය හැටි වහලුන්ට මතක නැතුවා.

:       17       88

RatneWednesday, 27 August 2025 05:43 PM

කලින් ආණ්ඩු වලට කොන්ද තිබිලා හදපුවා තමයි විඳින්නේ...

:       4       54

tissaWednesday, 27 August 2025 07:33 PM

මහාමාර්ගයේ විනය හදා ගන්ට ඕනේ ඒවායේ ගමන් කරන අය. ඒක ආණ්ඩුවේ වැඩක් නෙවේ.

:       0       0

පන්සිළු Wednesday, 27 August 2025 09:33 AM

ලෝකෙ දියුණු යැයි සම්මත රටවල්වල ටිපර් , බහාලුම් අදින වැනි බර වාහන වලට පාරට එන්න වෙලාව් තියෙනවා. උදේ 9 පසුව . සහ වේග සීමාවක් තියෙනවා. අපේ රටේ මේවා ඇයි ක්රියාත්මක කරන්නෙ නැත්තෙ ? ටිපර් යන්නෙ පාරෙ මැද අධික වේගයෙන්. නොහික්මුන රියදුරන් අනෙකාව මරාගෙන යනවනෙ.

:       1       135

anuradhaWednesday, 27 August 2025 12:27 PM

ඉස්සර ඔය නීතිය තිබ්බ, උදේට කොලඹට එන පැත්තෙ වාහන නවත්තන්න බැ කියල නීතියකුත් තිබ්බ. දැන් මුකුත් නැ. මට තේරෙන විදියට පොලීසියට කිසිම ප්ලෑන් එකක් නෑ. මොරටුව ප්‍රදාන පාසල් දෙකක් ලග තුන් තෑනකින් උදේට ගාලුපාර අවහිර කරන්ව. කොලඹ යන මිනිස්සුන් පුදුම කරදරයක් ඒක.

:       0       37

දිමුත් Wednesday, 27 August 2025 09:46 AM

පව් දෙයියනේ. දෙමව්පියන් කොහොම මේ දුක දරාගනීද? ටිපර්කාරයෝ යන්නෙ පාර උන්ට ලියලා දීලා වගේ. ඔය රියදුරන්ව මත්ද්‍රව්‍යවලට පරීක්ෂා කරන්න ඕනෙ!

:       0       90

Suga Wednesday, 27 August 2025 09:46 AM

පාසැල් පටන්ගන්න වෙලාවට සහ නිම වන වෙලාවට බස් රථ හැර අනෙකුත් බර වාහන ගමන් කිරීම තහනම් කලයුතුය. එය කල හැකි දෙයක්.

:       2       77

Saman Wednesday, 27 August 2025 10:49 AM

දිවා කාලයෙදී බර වාහන ගමන් කිරීම තහනම් කරනු.

:       2       54

ගුණරත්න Wednesday, 27 August 2025 11:20 AM

ආණ්ඩුව අධික බදු පනවල වාහන මිල ඉහල දැම්ම එකේ විපාක තමයි මේ. හරි හමන් වාහනයක් ගන්න කෝටියක් යන රටේ කොහොමද මේ සේවා පවත්වන් යන්නේ? පරණ වැන්වල ළමයි යවන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති තැන.

:       23       22

පොඩිඑකාWednesday, 27 August 2025 03:50 PM

වැඩිකලේ නැත්තං අයියලා මේ මාස දහයට ඔක්කොම ලදරං ටික බැද්දට දාලා පාසල් වෑන් වලට ලක්ෂරි වාහන අරං දායි නේ. මොකාද මේ ගුණරත්න කියන මැටි මෝලා?

:       8       26

ගුණරත්න Wednesday, 27 August 2025 04:59 PM

ගලේවෙල අනතුර ගැන ප්‍රවෘත්තිය බලන්න මහත්තයා. එකේ ජපන් ලොරියක් ටිපර් එකක හැප්පිලා තියෙන්නේ. ජපන් ලොරිය අලුත් වාහනයක්, ඒ වගේම එකට ලොකු හානියක් නැහැ. මහත්තයාට ළමයි ඉන්නවා නම් බලන්න පාසල් වාහනවල තත්වය. ලක්ෂරි වාහන ඕන නැහැ, ඒ වුනාට අවුරුදු 40 - 50ක් විතර පරණ වෑන් වෙනුවට ටිකක් හරි අලුත් වාහන තියෙනවා නම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද? කෝටියක් දීල වාහන ගන්නව නම් එකෙන් ලීසින් ගෙවාගන්න හොඳ ආදායමක් ඕන, දුප්පත් ළමයි ටිකක් ප්‍රවාහනය කරලා ඒ ආදායම දැන් හොයන්න බැහැ

:       5       16

ප්‍රියන්තWednesday, 27 August 2025 03:54 PM

මේ ආණ්ඩුව මාර්ග නීති තදින් ක්‍රියාත්මක කරන්න පටන්ගත්තම ඒකට රැදාව ගැහුවෙත් මේ ගුණරත්නගෙ ජාතියෙ හොරිකඩ එවුන්ටම තමයි.

:       5       20

Shantha - Qatar Wednesday, 27 August 2025 12:15 PM

හරිම දුක හිතෙන ආරංචියක්, මම දැනට ඩුබායි වල ඉන්නේ . මෙහේ මාර්ග නීති වලට කිසිම බර වාහනයක් (Heavy Vehicle) පාසල් සහ කාර්යාල කාල වලදී පාරට දාන්න දෙන්නේ නැහැ, ඒවාට වෙනම මාර්ග රේඛා තියෙනවා. ඒවගේම පාක් කරගෙන ඉන්නවා තමන්ගේ වේලාව එනතුරු . විනය ගරුක, රියදුරන් බිහි කරන්නේ නැතිව හොඳම ක්‍රියා පිළිවෙතක් එයයි.

:       1       29

පිස්සු යකෙක් Wednesday, 27 August 2025 02:51 PM

බර වාහන රියදුරන් දැඩිව විනයක් හා දැනුමකින් යුක්තව රිය ධාවනය කරන්න අලුතින් නීති වහාම ගෙන ආ යුතුය. එතෙක් මහජනයා වන අපි දැඩිව ඔවුනට එරෙහිව මතයක් ගොඩ නගමු. එවිට පගා අරං නීතිය නමන්න දෙන පතෝල පොලිසියටත් වැඩ වරදීවි.

:       0       24

Nima Wednesday, 27 August 2025 03:00 PM

බොලාට මොකවත් කරන්න තේරෙන්නෙ නැතිනම්,මාර්ග නීතිවත් හරියට ක්‍රියාත්මක කරන්න.

:       5       13

Sj Wednesday, 27 August 2025 04:26 PM

බරවාහන රියැදුරන්ගේ විනයත්, බරවාහන මාර්ගය භාවිතා කරන කාල වෙලාවත් වැදගත්. කිසියම් අනතුරකදි මගින්/දරුවන් ආරක්ෂාව තහවුරු කළහැකි වාහනයක් භාවිතා කිරීමත් වැදගත්. පෙනෙන විදිහට tinkering වලින් වහපු දිරාගිය සැකිල්ලක් සහිත වාහනයක් හින්දා තමයි, උඩ කොටස කැඩී වෙන්වෙලා තියෙන්නේ . හානිය වැඩි ඒ හින්දා වෙන්න ඕනේ.

:       0       6

de silva Wednesday, 27 August 2025 04:35 PM

ගුණරත්නගේ කතාවේ යම්කිසි අර්ථයක් තිබෙනවා. ලංකාවේ ගහන අධික තීරුබදු නිසා වාහන අමතර කොටස් මිල අධිකය. එම නිසා පාරේ ධාවනය වන බොහෝ වාහන වල කාර්මික තත්වය ඉතා පහළය, එම නිසා අනතුරු සිදුවිය හැකි සම්භාවිතාවය වැඩි අගයක් ගනී...

:       3       12

Mahesh Wednesday, 27 August 2025 05:53 PM

ටිපර්, ලොරි පදවන හුගක් රියදුරන් අයිස්, කුඩු, ගංජා භාවිතා කරලා රිය ධාවනය කරන්නේ... අනිත් එක වැලි මාෆියාවට සම්බන්ධ අයට කිසිම විනයක් නෑ.

:       0       15

Sam Wednesday, 27 August 2025 07:12 PM

රත්නායක, මොකක්ද තියන ආරක්ෂාව...?

:       1       1

Sam Wednesday, 27 August 2025 08:28 PM

2/3 ක බලයක් දුන්නේ පොල් ගාන්න නොවෙයි. පාරේ විනයවත් හදපන්...

:       8       12

Bunny Preena Thursday, 28 August 2025 11:24 AM

හැම දේකටම මුල ඉවසීම ,සහ විනයක් නැතිකම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site