(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් ප්‍රේමතිලක)
පාසල් ළමුන් ඉලක්ක කරගෙන දුම්කොළ මිශ්‍ර මාවා නමින් හඳුන්වන මත්විට අලෙවි කළ පුද්ගලයකු ලක්ෂ දහයකට ආසන්න වටිනා මාවා මත්ද්‍රව්‍ය තොගයක් සමග පානදුර එළුවිල හංදිය ප්‍රදේශයේ වෙළඳසැලකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
සැකකරු වෙළඳසල තුළ සඟවා තිබූ මාවා මත්ද්‍රව්‍ය කීලෝ දහයකට ආසන්න තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.
පානදුර අවට පාසල් සිසුන් මෙන්න අමතර පන්ති කරා යන සිසුන් දුම් කොළ මිශ්‍ර මාවා විට වර්ගයට ඇබ්බැහිව සිටින බවට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත සිදුකළ පරීක්ෂණවල දී හෙළි වූ තොරතුරු අනුව මෙම වෙළඳසැල වැටලූ බව පොලීසිය කියයි.
පලතුරු වෙළෙඳ සැලක් පවත්වා ගෙන යන මුවාවෙන් පාසල් සිසුන් සහ අමතර පංති යන සිසුන් ඉලක්ක කර ගෙන ඉටි උර වල දමන ලද ගෑම් 25කින් යුත් මාවා මත්ද්‍රව්‍ය මුලක් රුපියල් 200 ක් වැනි මිලකට අලෙවි කරන බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පාසල් සිසුන් ,මෙන්න අමතර පංති අධ්‍යාපනය ලබන සිසුන් මිට ඇබ්බැහි වී ඇතැයි පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයා වයස අවුරුදු හතළිස් අටක් වන දරුවන් සිටින විවාහකයකු බව පවසන පොලිසිය සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් දරුවන් මතට හුරුකරන මුන්ට මරණ දඬුවම දීපල්ලා !! මුන් රටේ දරුවන්ට තියෙන භයානකම පිළිලයක් .පාසල් දරුවන් 18000 -25000ත් අතර මතට ඇබ්බැහි වෙලා, සුපිරි පාසල් විතරක් නොවේ ගම්බද පාසලුත් එහෙමයි. කෝ අර පාසැල් වල ගේට්ටු වලට පොලිසිය දානව කියල කයිය ගහපු education ඇමති ? දැන් ඒවා අමතක වෙලා ද ?
දරුවන් ඉන්න දරුවන්ට හදපත්ලෙන්ම ආදරය කරන නීතීඥ මහත්වරුනි... මොහු වෙනුවෙන් උසාවියේ පෙනී නොසිටන ලෙස අපේ ආයාචනයයි..! නඩුකාරතුමනි ඉහළම දඬුවම මොහුට ලබාදී එය සමාජයට මනාව ඔප්පුකර පෙන්වන්න ඔහුට දුන් දඬුවම..! රටේ ප්‍රණාමය ඔබ සැමට..!
මේ නරක මිනිහා විනාශ කළේ අටේ අනාගතය. මොවුන්ට රටේ නීතිය තුළ දඬුවම් නැති වෙන්න පුලුවන් . නමුත් කළ පාපය ඔහුට සලකාවි.
මෙ මත්ද්‍රව්‍ය වර්ග මෙ රට ඇතුලට එන්නෙ කාගෙ බලතල වලට මුවා වෙලාද? මෙ දෙවෙනි තුන් වෙනි මට්ට්ටමෙ ඉන්න අයව කුදලගෙන ගිහිල්ල අපිට ලොකු පුවත් මවල විතරක් මදි. . තිරෙන් පිටිපස්සෙ ඉන්න මුල් පෙලේ එවුන් ව අල්ලන්නෙ නැතිනම්.. උන්ට මල්මාල දාල පිලි ගන්න එක නවත්වන්න මුලින්ම..