(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න )
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් 28 මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට බාරදුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද ( 23) දැනුම් දුන්නේය.
නඩුව අවසන්වී විත්තිකාරයන්ද නිදහස්වී සිටින අවස්ථාවක මේ වෙළුම් කුමකටදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය .
කිරිඇල්ල මහතා මෙසේ ප්‍රශ්න කළේ පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කෙරුණු අවස්ථාවේදීය.
මෙම සාක්ෂි සටහන් දැන් ලබාදීම පලක් නොවන බවත් මේවා ලබා දීමට තිබුණේ මීට අවුරුද්දකට කලින් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේය.
මේ වාර්තාව කලින් දුන්නේ නම් මන්ත්‍රීවරුන්ට ඒ ගැන අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ පාර්ලිමේන්තුවට ඊයේ බාරදුන් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ වෙළුම්වල පිටු 69,800ක් ඇති බවයි.
එවැනි වාර්තාවක් පරිශීලනය කිරීම දුෂ්කර බවත් වාර්තාව කෙටිකර සාරාංශයක් ලෙස ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමාට භාරදුන් පහසු කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් සියල්ල මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට බාරදී ඇති බවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාස්කු වාර්තාවේ සියලු වෙළුම් පාර්ලිමේන්තු පුස්තකාලයට
කිරි පුතා Wednesday, 23 February 2022 02:50 PM
දැන් ඉතිං දෙයියනේ කියලා පුස්තකාලයට ගිහින් ලස්සන නවකතාවක් කියවනවා වගේ කියව කියවා ඉන්න පුළුවන්... මැරෙනකම්ම කියවන්න ඕං පොතක් තියෙනවා...!
fairoosWednesday, 23 February 2022 03:48 PM
කිරි පුතාට දැන් සැපද? පාස්කු ප්‍රහාරයේ මහමොලකරු අල්ලන්න ආපු අය...
Dumin Wednesday, 23 February 2022 06:53 PM
වාර්තාව වෙනස්කර නොමැති බවට මොකක්ද ඇති සහතිකය...?