(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට හා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන වලට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුලු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් කොළඹ දිසා අධිකරණයේ හා මීගමුව දිසා අධිකරණයේ නඩු 284 ක් ගොනු කරනු ලැබුහ.
කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතූවෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි හා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානවල පාස්කු දිව්‍ය පුජාවන්ට සහභාගි වු තම ඥාතීන් මියයෑමට හා බරපතල තුවාල ලැබීමට සිදුවු බව පවසන පෙත්සම්කරුවෝ මෙම අපරාධයන්ට වගකිවයුතු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 102ක් කොළඔ දිසා අධිකරණයට හා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 182ක් මීගමුව දිසා අධිකරණයේ ගොනු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බ ගහන්න සැලසුම්කරලා, බෝම්බ ගස්සලා, මිනීමරලා , තිබුණ ආණ්ඩුව අපකිර්තියටපත් කරලා,මිනිස්සුන් රවටලා , දේශපාලන බලයට පත්වුණු මිනීමරු පවුලෙන් වන්දි ඉල්ලාගන්න. කෙසේ වෙතත් ඒ අය මැරෙන්න කලින් අවුරුදු ගානක් දහදුක් විඳලා විඳලා අපාගතවෙන්නේ.ඒ බව මේ ආත්මයේදීම අපට බලාගන්න පුළුවනි.
කළ යුතුම ක්‍රියාවක් ප්‍රමාදවී හෝ කිරීම අගය කරමි. නීතියෙන් පිහිටක් නැත්නම් මෙවන් ක්‍රමයකින් හෝ ඔවුන්ට දඬුවමක් ලැබිය යුතුමයි.