IMG-LOGO

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරනය ඉටු නොවීම ගැන පාප්වහන්සේට සංදේශයක්

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් අති උතුම් පාප්වහන්සේට කරුණු දක්වා සංදේශයක් භාරදුන් බව සමගි ජන බලවේගයේ  මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රෝමයේ වතිකානයේදී අද(30) පස්වරුවේ  අති උතුම් පාප්වහන්සේ බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් උන්වහන්සේට කරුණු පැහැදිලි කර දී  සංදේශයක් භාරදීමට කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා කීවේය.

අති උතුම් පාප්වහන්සේ හමුවීමට පෙර මේ සම්බන්ධයෙන් වතිකානුව දැනුවත් කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට පවසා බලයට පත් වූ ආණ්ඩුව වසර දෙකක් යනතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී කරුණු පැහැදිළි කළ  බවත්   ජයවර්ධන මහතා කීවේය.

ලබන අප්‍රේල් 21 වනදාට පාස්කු ප්‍රහාරය සිදුවී  වසර තුනක් සහ අප්‍රේල් 17 දාට නැවත පාස්කු ඉරුදින උදාවන බැවින් කතෝලික ජනතාවට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කිරීම සඳහා මැදිහත් වන ලෙස අති උතුම් පාප් වහන්සේගෙන් එහිදී ඉල්ලීමක් කළ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරයක් හෝ ඒ සම්බන්ධයෙන්  නීතිය ක්‍රියාත්මක කිරීමක්  මේ දක්වා සිදු නොවීම සහ පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට රට තුල සාධාරණයක් ඉටු නොවීම  සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට කටයුතු කළ බවත් හෙතෙම පැවසීය.

මේ සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාත් තමන් සමග එක් ව සිටි බවත් කාවින්ද ජයවර්ධන මහතා  පැවසීය.



අදහස් (0)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරනය ඉටු නොවීම ගැන පාප්වහන්සේට සංදේශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 380 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site