ඩයනා උදයංගනී
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කරමින් මහා විනාශයක් සිදුකළ අය සොයාගන්නට සහ ඔවුන්ට දඬුවම්දීමට ප්‍රහාරයෙන් වසර දෙකක් ගතවන තුරුත් නොහැකිවීම පුදුමය දනවන ප්‍රහේලිකාවක් බවත්, මෙම පරීක්‍ෂණ සිදුකරන ආයතනවල කාර්යක්‍ෂමතාවයට යම් බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් එතුළින් මතුවන බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙවැනි මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවන් සැලසුම් කරන, සිදුකරන සහ අනුබල දෙන කිසිවකුට නීතියේ රැහැනින් මිදීයාමට කිසිඳු ඉඩක් නොමැති බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීම සාමය ආරක්‍ෂා කිරීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් බැඳී සිටින සියලු නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව ද එහි සඳහන් වේ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්, මැක්ස්වෙල් සිල්වා, ජේ.ඩී ඇන්තනී ප්‍රනාන්දු, ඇන්ටන් රංජිත් කොළඹ සහායක රදගුරුතුමන්ලා සහ ෆ්‍රීලි මුතුකුඩආරච්චි, ෆ්‍රැන්සිස් සේනානායක, ඩිලාන් ප්‍රනාන්දු, සිරිල් ගාමිණී ප්‍රනාන්දු, සිසිල් ජෝයි පෙරේරා, කැමිලස් ප්‍රනාන්දු, ශාන්ත සාගර හෙට්ටිආරච්චි, ලෝරන්ස් රාමනායක, ඩෙනින්ටන් සුබසිංහ යන පියතුමන්ලාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස මේ පාස්කු ප්‍රහාරයේ බලය ලබාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව විසින් කළ දෙයක් බව පැහැදිලිව කියන්න පුළුවන්...
ඔබවහන්සේ කලුනික හොයනවා වගේ වැඩක් දැන් කරන්නේ, කොහොමහරි හොරාගේ අම්මාගෙන් පේන අහන්නා වගේ මෙම ආණ්ඩුවෙන් පාස්කු කට්ටියට දඬුවම් දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ.
පෙරේරා ඔයා හිටගෙන ඉන්නේ වලිගේ උඩ.. ජාතික ආරක්ෂාව බල්ලාට දාලා හොඳට තිබ්බ රට විනාශ කරලා දැන් එනවා විකාර දොඩවන්න.