(සුජිත් හේවාජූලිගේ සහ අංජුලමහීක වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තමා කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයකට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එය මඟ හැරීමට තරම් මිලේච්ඡයකු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සහරාන් වරෙන්තු කරුවෙක් නම් ඔහු ඇල්ලීම පොලිසියට අයිති කාර්ය භාරයක් මිස ජනාධිපතිවරයට අයිති වැඩක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා සහරාන් අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි කොමිසම සොයා බැලිය යුතු බව ද කියයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන පසුගිය රජය සාමූහික වශයෙන් වගකීම බාර ගත යුතු බව පැවැසූ මෛත්‍රීපාල මහතා සිද්ධිය වූ අවස්ථාවේ දි පැවැති දුර්වලතා හා අඩුපාඩු පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යම කරුණක් බව අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන දේවල් පිළිගන්න එපා.
අනේ පව්, මෙයත් හරිම තොත්ත බබා. මේගොල්ලෝ ඔක්කොම සල් ගහේ පොහොට්ටු. පිපෙනකල් ඉන්නම වෙනවා. ගෙනිහින් පූජා කරන්න.
මෙයා තමයි ප්‍රධාන වැරැදිකරු.. මෙයා තමයි ප්‍රධාන වැරැදිකරු. මුලින්ම මෙයාව අතුළට දාන්න ඕනෑ. ඒක කළානම් ඇති.
මෙයා මොනවද දන්නේ? පත්තරයක්වත් බලන කෙනෙක් නෙවෙයිනේ...
මේ අපේ රැම්බෝ...!!
කරන්න බැරි නම් ආරක්ෂක ඇමැතිකම බාරගත්තේ කුමකටද? මේ පිළිබඳව තොරතුරු ආරක්ෂක කවුන්සිලයට ලැබිලා තියෙනවා. එම රැස්වීම් නිසිලෙස පැවැත්වූවා නම් මෙම ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ. ඔබ ප්‍රධාන ලෙස වගකියන්න ඕනේ..
බැරි වුනානේ පත්තරෙට දාගන්න. එහෙනම් ඔයාට දැන ගන්න තිබුණා නේ....
නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙන රටක නම්, මේ පුද්ගලයා මේ වෙනකොටත් ඉන්න ඕනෑ හිරගෙදර. මේ තක්කඩින්ගේ දේශයේ නිදහසට කරුණු කියලා නිදොස්කොට නිදහස් කරන්න තමයි මේ කතන්දර කියන්න ඉඩදීලා බලාගෙන ඉන්නේ... ලංකාවේ නීතියෙන් ගැලවුණත්, විශ්ව ධර්මයේ නීතියෙන් නම්, ගැලවීමක් නැහැ. හෙන හතම වදිනවා මේ සාහසික අපරාධයට අනුබල දුන් සියල්ලන්ටම..!!!
මෙයාගේ හැමදාම උත්තරය ඕක තමයි..
සෑම කමෙන්ට් එකක්ම හරියට හරි.. නමුත් ලොකු පුටුවල ඉන්න අය කවදත් නිවැරදියි...
මේ කළ විනාශයට නම් හෙණ ගහන්න ඕනේ. රාජපක්ෂලාට බලය ලබා දෙන්න කළ වැඩක්. මෙයයි, 69 ලක්ෂයයි පත්කර ගත්ත ලොක්කා ඇතුළු විත්තිකාරයෝ... මෙයා ඔලුවෙන් හිටගෙන මොන පාපොච්චාරණය කළත් මෙයා මේකේ මහමොලකරු.
රාත්‍රී 12ට කටුනායක ගේට්ටු වලට යතුරු දානවා. එක දූෂිතයෙකුටවත් ගැලවිල්ලක් නෑ. අවීචි මහ නරකාදියට හරි ගිහිල්ලා දූෂිතයන්ට දඬුවම් කරනවා, අලුත් පක්ෂයක් හදලා බලමු මම දන්නවා කරන්න තියෙන දේ වගේ ප්‍රකාශත් කළා කියලා දැන් අමතකද මහත්තයෝ? කන්න දුන්නු අත් දෙකම හපා කෑවා වගේ තමන් රජපුටුවේ ඉන්දවපු පිරිස හිරේ යවන්න පාර කපපු මේ මනුස්සයා කියන දේවල් විශ්වාස කරන්න පුලුවන් නම් හෙට උදේට බස්නාහිරෙන් ඉර පායන්නත් බැරි නෑ. ඔය වගේම ග්‍රාමසේවක වෙලා ඉඳපු කෙනෙක් ලංකාවේ තුන්වෙනි ධනවතා බවට පත් වුනේ කොහොමද කියලා විස්තර කළොත් තමයි වටින්නේ...?