
(නිමල කොඩිතුවක්කු)
නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා එම ධුරයේ සිටිමෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ස්වාධීනව සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසිය.
නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒම තුළ ආණ්ඩුවට සිදුවන අපහසුතාවය නවත්වන්න කතානායකවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවත් එයට සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂය පොදු විරෝධය පළ කරන බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිණි.
“පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වුණ සියලුම් දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව වර්තමාන ආණ්ඩුව සහ සමගි ජනබලවේගය ජනාධිපතිවරණ මැතිවරණයේදී ප්‍රකාශ කළා.
කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අභියෝගාත්මක බව පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා.
ඒ අභියෝගය එන්නේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගෙන් දැයි අපිට සැකයක් තිබෙනවා.
ඒ වගේම රජය විසින් රජය පරික්ෂාවට ලක් කළ යුතුයි කියන මතයත් එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව පාස්කු බෝම්බ ප්‍රහාරයට යම් කිසි ආකාරයට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව තුළ සිටිනවාදැයි කියන සැකය ඇතිවුණා.
ආණ්ඩුවේ සිටින නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවනවිට නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වගකිමක් දරපු පුද්ගලයෙක් වර්තමාන ආණ්ඩුවෙත් වගකිමක් දැරිම ප්‍රශ්න සහගතයි. නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා යටතේ සිටින නිලධාරින් විසින් තමයි පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ සිදුකරන්නේ. ඒ නිසා නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා එම ධුරයේ සිටිමෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ස්වාධීනව සිදුවන්නේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට දැන් කරන විමර්ශන පිළිබදව කිසිම සැකයක් නැහැ... අනික වත්කම් රජය මෙහෙම පරීක්ෂණ වලට අවශ්‍ය පහසුකම් සපයා ඇති මිස රජයේ මැදිහත්වීමක් නම් පේන්න නම් නැහැ. මේ අපරාධය කළේ ඔයාලා බලයේ ඉන්නකොට... ඒක අමතක කරන්න එපා...
කොළඹ නගරාධිපතිකම ඉල්ලන්ඩ හීන දැක්කා. බැරිඋනා .ස්වාධීන කණ්ඩායම් එකතුකරගෙන ගේමක් ගහන්ඩ හැදුවා. ඒකත් බැරිඋනා. දැන් අලුතින් සෙල්ලමක් පටන් අරන් වගේ? පාස්කු ප්‍රහාරය එල්ලවෙන බව කලින් දැනගෙන ඒ වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත්තු රටේ නායකයා ජනාදිපති, අගමැති නෙවෙයිද ඒවාට වගකියන්න ඕනේ. රටේ රාජ්‍ය නායකයා ඒ කාර්ය ඉටු නොකර වගේ වගක් නැතුව, සවාරියේ හිටියේ? ආප්ප කාලා පැනපු මයිත්‍රී පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පූජා කරලා රටම ගිනි අව්ලපු හැටි මතක නෑ වගේ...
ජවිපෙ අනුගාමිකයන්ට ඔය ලොජික් තේරෙන්නේ නැහැ, තර්ක ශක්තියක් නැහැ. ඔවුන් දන්නේ බොසා කියන දේවල් ගිරව් වගේ පුනරුච්චාරණය කරන්න විතරයි.
යන එන මං නැති අබල දුබල විපක්ෂයේ ගොන් කතා පිලිගන්න මේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් සූදානම් නැහැ. බලයේ සිටියදී පාස්කු ප්‍රාහරය වලක්වා ගන්න නිසි ක්‍රියාමාර්ග නොගත්ත හා ඊට පසු ඒ පිළිබඳව හොයා බලන්න සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා වංගු ගැසු සජිත් රනිල් කල්ලිය ගැන ජනතාව හොදටම දන්වා, ඒ නිසා මුජිබර් තමුසේ උම්බෑ ගාන්නේ නැතුව ඉන්නවා. එහෙම නැත්නම් සතා කවුද කියලා රටටම දැනේවිද?
ජාත්‍යන්තර ත්‍රස්තයෙක්... ජිහාඩ් කෙනෙක්
ඔබතුමාගේ කතා විශ්වාස කරන අය දැන් නැහැ...
කෝ ඔහේගේ නඩුව? කොළඹ නාගරික කොමසාරිස් තුමියට එරෙහිව දානවා කියපු..., ඒ කාලේ මේ යෝධයා කොච්චර බෙරිහන් දුන්නාද?