(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව පශ්චාත් යුද සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත කාල පරාසයක් සහිත සවිස්තර උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද (20) ප්‍රකාශ කළාය.
ස්වාධීන සත්‍ය සහ සංහිඳියා (ප්රතිසන්ධාන) කොමිසමක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව ඊට පසුව ගත යුතු වැදගත්ම පියවර විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කීවාය.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමෙන් පසුව කවුන්සිලය අමතමින් ඇය එම කරුණු සඳහන් කළාය.
ඇය එහිදි මෙසේ ද සඳහන් කළාය.
“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව (ප්රතිසන්ධානය) සහ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනා සහ ඒවායේ නිර්දේශ සම්බන්ධයෙන් මගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියාගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීම අගය කළ යුතුයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදල හරහා අඛණ්ඩව ශ්‍රී ලංකාව තාක්ෂණික සහයෝගය ලබා දී තිබෙනවා.
හමුදාව අත්පත් කරගෙන තිබූ උතුරේ සහ නැගෙනහිර ඉඩම් නැවත ලබාදීමේදී යම් ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. එහෙත් එම ඉතා වැදගත් ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීම සඳහා තවත් පියවර ගත යුතුයි.
ගෙන ඇති පියවරවලින් මීට වසර හතරකට පෙර පුළුල් ආයතනික සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් ශ්‍රී ලංකා ලබාදුන් පොරොන්දු සහ ඒවා ඉටු කිරීමේ ප්‍රගතිය පෙනී යනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ නිර්දේශ කිරීමේදී ශ්‍රී ලංකාව මීට වඩා වේගවත් විය යුතු අතර එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉටු කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඉහළම නායකත්වය තුළ ඒ සඳහා පොදු දැක්මක් නොමැතිකම ප්‍රමාදවීම්වලය හේතු වූ ප්‍රධාන සාධකයක් බව පෙනී යනවා. එහි ප්‍රතිඵලයක් ශ්‍රී ලංකාවේ සියලුම වාර්ගික කොටස් ආගමික කොටස් සමාජ කණ්ඩායම් යනාදී සියල්ලට අහිතකර බලපෑම් එල්ල කරනු ඇත.
ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් නීතිය කඩ කළ බවට චෝදනා එල්ල වී තිබෙන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ තනතුරකට පත් කිරීම ද කනගාටුදායක කරුණක්.
අතීතයේ සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා නැවත නොවීම වගබලා ගැනීමටත්, මානව හිමිකම් ආරක්ෂා කරන මානව හිමිකම්වලට ගරු කරන වගවීම සහිත සුරක්ෂිත අනාගතයක් උදෙසා සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාව නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත්. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ අවධානය යොමු කළ යුතුයි”.
නෝර්වේ, කැනඩාව, බෙල්ජියම, ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, මොන්ටෙනීග්‍රෝ, ඩෙන්මාර්කය යන රටවල සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ ද මෙහිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ රටේ වෙන දේවල් බලන්න. ආවා මෙතන අපිට උපදෙස් දෙන්න..
වෙච්ච දේ වුණා. ඔබතුමන්ලාට, දෙමළ ජනතාවට, ඔච්චර උදව් කරන්න ඕනෑ නම් මෙහෙ ඉන්න දුප්පත් දෙමළ ජනතාවට ඒ ගොල්ලන්ගේ ජීවිතය ගොඩනගන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නකෝ. අනෙක් කරුණ තමයි ඔය පිටරට ඉන්න අවස්ථාවාදියෝ දෙමළ මිනිසුන් ගැන කතා කරන්නේ දෙමළ ජනතාවට තියෙන ආදරේට නෙමෙයිනේ... ඒ ගොල්ලන්ව ඉන්න රටවල් වලින් පිට කරයි කියන බයටනේ...
ඔය පිටරට ඉන්න අවස්ථාවාදියෝ දෙමළ මිනිසුන් ගැන කතා කරන්නේ දෙමළ ජනතාවට තියෙන ආදරේට නෙමෙයි. ඒ ගොල්ලන්ව ඉන්න රටවල් වලින් පිට කරයි තියන බයට.
ඔය කියන ක්‍රෝඑ්ශියාව මොන්ටනේග්රෝ කියන රටවල් යුගොස්ලාවියාවෙන් වෙන්කරේ ඇමෙරිකාව යුරෝපය එක්වීලයි. ඒ බියකරු යුද්ධයේදී ලක්ෂ ගණන් ජනතාවත් ආරක්ෂක හමුදාවත් මියගියා ලක්ෂ ගණන් අවතැන්වී යුරෝපයේ අනිකුත් රටවලට සංක්‍රමණය වුනා .. අපේ තිස් වසරක යුද්ධයට වඩා ඒ යුද්ධය බියකරු වුනා. එ්ත් ඔය කියන සත්‍ය සංහිඳියා කොමිසන් වගවීම් කොමිසන් යුද සංක්‍රාන්ති සැලැස්මවල් ඒ යුද්ධයෙන් පසු අනුයුක්ත කලේ නෑ. එකම දේ කලේ ඔවුන්ගේ හතුරා වූ මෙලොශේවික් ජාත්‍යන්තර යුද අධිකරණයක ඉදිරිපත් කර මරා දමපු එක විතරයි.
මටත් ලංකාවේ මානව හිමිකම් ගැන ප්‍රශ්න තියෙනවා. ලංකාවේ මානව හිමිකම් පන්සලකට, පල්ලියකට ගිහිල්ලා අනේ අපොයි කියන තත්වේ... ලංකා පොදු සමාජයේ මානව හිමිකම් හරියට නිකම් ගෙදර තාත්තාගෙන් ඕනෑ එපාකම් කරවගන්නවා වගේ. ඒ කෙසේවෙතත් මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාවට කරන්න හදන්නේ දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ ජපානයට කරපුදේ. එදා පුංචි රටේ ජයවර්ධන මැතිතුමා කියපු වයිරයෙන් වයිරය නොසන්සිදේ කියපු කතාව ලොකු රටක් ලව්වා ලංකාවට කියලා දෙන්නයි හදන්නේ... මම දන්නා විදේශිකක් කියන්නේ ජපානය බේරුනේ ඉන්දියාවේ මනුස්සයෙක් හින්දා කියලලු.. ඔහු දන්නේ. ඒ තරමටම ලංකාවේ මිනිස්සු කරපු හොඳ දේවල් යට ගැහිලා. ඉන්දියාවේ කොඩියේ පාට ලංකා කොඩියෙත් තියෙන එකේ ඒ ගොල්ලන්ට හිතෙනවා ඇති ලංකාවයි, ඉන්දියාවයි එකයි කියලා...
මෙයාලව ආපහු හරවලා යවන්නයි තියෙන්නේ. ඉරාකයට, ලිබියාවට, සිරියාවට පුලුවන්නම් ජර්මනියටත් එවන්න... ජර්මනියේත් මෙයාලව ඉතා ඉක්මනින් අවශ්‍ය වෙලා තියනවා. මේ ඔක්කොම යටිකුට්ටු හොරු !!!
මේ කියන කතා ඔක්කොම අපි පිළිගන්න ඕනේ නැහැ. ඒත් රටක් පැවැත්මට වැදගත් වෙන දේවල් පිළිගැනීමට තරම් අපි බුද්ධිමත් විය යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තීන්දු තීරණ ගැනීමට පුර්ණ බලතල තියෙනවා. රටේ ආර්ථික තත්වය, භූ දේශපාලනික වැදගත්කම, විදේශ වෙළදාම, අපේ ණය බර ආදී ඒ කිසි දෙයක් මෙහිදී අමතක කරන්න බැහැ. අපිට ඕනේ ඕනේ දේවල් කරන්න බැරි බව රාජපක්ෂලා ආණ්ඩුව දාලා දිව්වා එකෙන්ම පෙනුනා. මෙහිදී අප වැඩ කල යුතු වෙන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව, ඔලුවෙන් මිසක්, අක්මාවෙන් නෙමේ. මම සපුමල්
අපේ රටගැන පුදුම අමාරුවක් මේ අයට තියෙන්නේ . මගේ යෝජනාව නම් ශ්‍රී ලංකාව ඔය මානවහිමිකම් සංවිධානයෙන් ඉල්ලා අස්විය යුතුයි‘ නැවතත් අනුන්ට අත නොපාන ජාතියක් බවට පත්විය යුතුයි......
කට වහගෙන ඉන්න මිචෙල් බැචලේ