
වයෝවෘද්ධ මාපිය යුවළක් කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියට ගෙනැවිත් දමා ගොස් ඇති අතර ඔවුන් ඉතා අසරණව තෙදිනක් තිස්සේ එහි කඩපිලක වැටී සිටිනු දක්නට ලැබේ.
තමන්ගේ කටයුතු පවා කරගත නොහැකි තරම් දුර්වල මෙම දෙමාපිය යුවල තමන් මෙහි හැරදමා ගිය දරුවන්ගේ නමක් කියා ඔවුන්ගේ ගරුත්වයට හානි කිරීමට හෝ අකමැති අතර තමන් පදිංචිව සිටියේ හොරණ ප්‍රදේශයේ බව පමණක් පවසයි.
ප්‍රදේශවාසීන් දෙන දෙයක් කෑමට ගෙන සිටින මෙම දෙමාපිය යුවල ඉතා අසරණව එම කඩපිලේ වැතිර සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය -- ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට යන අත හොඳ නැහැ. හැම කෙනෙක්ම ධනය රැස් කිරීම පසු පස හඹා යනවා මිස, මිනිස් ගුණදම් ගැන තැකීමක් නැහැ. මේ ක්‍රමය වෙනස් විය යුතුයි.
මට තේරෙන කාලයේදි සිට (පාසැල් වියේ සිට) මේ සුන්දර රටේ ඉපදිච්චි එක ගැන හරියට අාඩම්බර වුණා.. නමුත් දැන් හිතෙනවා අැයි මේ රටේ ඉපදුනේ කියා. එ් තරමටම එපාවෙලා තියෙන්නේ.. එපාවෙන්න හේතුන් නම් ගොඩයි. අපාය අයිති වෙන නරුම දූලා/ පුතාලා මෙවන් දෙමාපියන් අන්ත අසරණ වූ මොහොතේ මෙසේ මහමග දාලා යනවයි කියන්නේ ඔවුන්ට වැහිනැති අකුණු වදින්නට ඕනෑ.
මේ දෙන්නත් කොරෝනා ගොඩට දාලා ගාන වැඩිකරලා උණුසුම පුවතක් දාන්න...
අනේ පොලීසියේ මහත්වරුනේ, මේ අයට යම් පිළිවෙලක් කරන්න...
මේ අය පොලිසිය මගින් නිසි රැකවරණ සපයා අදාළ ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඒ මගින් සුදුසු ස්ථානයකට බාරකිරීමටත්, මහමගදමා ගිය අය අත් අඩංගුවට ගැනීමටත්, මාධ්‍ය මගින් මේ අය දිගින් දිගටම පෙන්වීමත් මගින් තවත් මෙවැනි දේ නොකිරීමට එසේ කිරීමට සිතා සිටින අය යම් පාලනයක් වනු ඇත. මෙහි පැහැදිලිවම අපරාධමය චේතනාවක් පෙනීයයි. දරුවකු මහමග දමා ගියහොත් එය අපරාධමය වරදක් වනවා සේම මෙවැනි තැනැත්තන්ද දරුවන්ගේ තත්වයේ එනම් තමන්ගේ ක්‍රියා තමන්ට කරගත නොහැකි බැවින් දරුවන් සේ සලකා නීතිය නිර්මාණාත්මක ලෙස යොදාගැනීම සම්බන්ධව හැකියාවක් ඇති බව පෙනී යයි. නඩත්තු නඩුවකදී අධ්‍යාපනය ලබන වයස් පූරණය වන දරුවෙක් වුවද බාල වයස්කාර දරුවකු සේ සැලකීම මෙයට ආදේශ කරගත හැකි වනු ඇත. මෙවැනි ක්‍රියා තවත් කිසිවකුට නොකිරීමට නිසි දඬුවමක් සමාජයට ඇස් ඇරෙන්නට ලබාදිය යුතුය. ඒ සඳහා සියලු මාධ්‍ය සහාය දැක්විය යුතුම මොහොතකි.
ඒ දෙමාපියන් දෙන්නාගේ දරුවන්ට මේ ආත්මයේදීම නිවන් දකින්ට පුලුවන්... ඒ දෙන්නගේ ගෙදර එයාලට වැටිලා ඉන්න දුන්නා නම් හරි...
මේ කරලා තියෙන අපරාදෙට හෙණ 07ම වදිනවා.
දණගාද්දි ඇවිදින්න මට අත දුන්න.. ගුරුහරුකම් කියලා දුන්න... මහළුව ඇවිදින්නට බැරිවුණාම ඔබහට ඇවිදින්න... අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... පැරණි ළමා ගීතය මෙන්ම ආදරයේ උල්පත වූ අම්මා.. දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවඳ ගෙනෙනවා... ගීතයන් මේ දෙමාපියන්ගේ දරුවන් කිසිදා අසා නොමැති බව නම් ඉතාමත්ම පැහැදිලියි.