(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය ට්‍රැක් 8 වැලිමංකඩ ප්‍රදේශයේ බූරු පොළකට පොලිසියෙන් පනිද්දී ඔවුන්ගෙන් බේරිමට කටුඩුලුවැව වාන් ඇළට පැන්න තිදරු පියකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ අඹයපුරගම ලිපිනයේ පදිංචි අවුරුදු 48 හැවිරිද පුද්ගයෙකි
නිරෝධායන නීති කඩ කරමින් 20 අධික පිරසක් ඒක්ව ට්‍රැක් 8 වැලි මංකඩ ප්‍රදේශයේ සූදු සෙල්ලම් කරන බවට ලද රහසිගත තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් ඒම ස්ථානය වැටලීමේදී සූදු සෙල්ලම් කළ පිරිස සී සී කඩ දිව ඇත
ඒහිදී ඒක් පුද්ගලයකු ඒ් ආසන්නයෙන් ගලා යන කවුඩුලුවැවේ වාන් ඇල මාර්ගයට පැන ඇති අතර ඒහිදී ඔහු දියේ ගිලී මරණයට පත්ව ඇත.
පසුව ඔහුගේ බිරිද මොහු අතුරුදන්ව ඇති බවට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විශේෂ සෝදිසියකදී මෙම පුද්ගලයා වාන් ඇලේ ගිලී මිය ගොස් සිටිදී සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd