IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පොලිසියට නව රූපලාවන්‍යාගාරයක්

(ගයාන් සූරිය ආරච්චි)

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නවීන රූපලාවණ්‍යාගාරය 'රූ සිරි' වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) විවෘත කෙරිණි.

කොණ්ඩා කැපීම් ඇතුළු මෙහි සේවා සහනදායී මුදලකට මෙතෙක් පොලිස් නිලධාරීන්ට පමණක් සීමාරී තිබූූ අතර  මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ රූපලාවන් එසේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන බාහිර පුද්ගලයන්ටද සහනදායි මුදලකට මෙම සේවාව ලබාගත හැකි බව පොලිස් මුල ස්ථානය පවසයි.

පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සිටින ප්‍රවීණ රූපලාවන්‍ය   ශිල්පීන්ට ද  මෙම නවීන රූපලාවන්‍යාගාරයේ සේවය කිරීමට අවස්ථාව ලබාදීමද විශේෂත්වයකි.

මෙයාකාරයෙන් දිවයින පුරා  රූපලාවණ්‍යාගාර පිහිටුවා පොලිස් පවුල්වල සාමාජිකයන් මේ සඳහා සහභාගි කරවාගෙන එම පොලිස් පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමටද පියවර ගැනීමට නියමිත ය.

පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩ බලන සභාපතිනි  නිල්මිණී සමරතුංග, සාමාජිකා සංදිපා සෙව්මිණී, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.



අදහස් (3)

පොලිසියට නව රූපලාවන්‍යාගාරයක්

කමල් Wednesday, 16 July 2025 01:58 PM

මේ ක්‍රියාව පොලිසිය පිහිටුවා ඇති පරමාර්ථ සමඟ ගැළපෙනවාද?

:       6       12

ගුණරත්න Wednesday, 16 July 2025 06:24 PM

බදු සල්ලි පුච්චන වැඩ. හැමදාමත් අහන්න ලැබෙන වෙඩි තියාගැනිලි අනීතික වැඩ, පගා ගැහිලි, චෝදනා නැතිව හිරේ දැමිල්ල විසඳන්නේ නැතිව රූපලාවන්‍යාගාර හදලා වැඩක් නැහැ.

:       0       0

pj Thursday, 17 July 2025 06:35 AM

කාන්තා පොලිස් පුනරැදාව මෙසේ ඇරඹුණු වගයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site