
(ඉන්දිකා රාමනායක)
පොලිසිය රාජකාරි කටයුතු කාර්යාක්ෂමව ඉටුකර ගැනීම සදහා සහ ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පවත්වාගෙන යාම සදහා ත්‍රිරෝද රථ 2000 ක් දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලබා දීමේ වැඩසටහනක් අද (1) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පරිශ්‍රයේ දී පැවැත්විණි.
ජනාධිපතිවරයාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව පොලිසියේ පොලිසියේ රාජකාරි කාර්යාක්ෂමව ඉටුකිරීම සදහා සෑම පොලිස් ස්ථානයකට මෙම ත්‍රිරෝද රථ ප්‍රධාන කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම අවස්ථාන සංඛේතවත් කරමින් අද දින පොලිස් ස්ථාන 10 වෙත සංඛේතාත්මකව ත්‍රිරෝද රථ බේදාදීම සිදුකර තිබිණි..
පොලිස් ස්ථාන රාජකාරි, අපරාධ වැළැක්වීම විමර්ශන කටයුතු, විවිධ පැමිණි විභාග, 119 හදිසි ඇමැතුම් සදහා යෙදවීම, ළමා හා කාන්තා කාර්යාංශ, දුෂණ මර්දන රාජකාරි, ප්‍රජා පොලිස් සංකල්පය වඩාත් ශක්තිමත් කර ප්‍රවර්ධන කර ගැනීම මෙම ත්‍රිරෝද රථ ප්‍රධානය කිරීමේ ප්‍රධාන අරමුණ බව පොලිසිය කියයි.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂ අමාත්‍ය රියර් අද්මිරාල් විශ්‍රාමික සරත් වීරසේකර, පොලිස්පති සී ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඇතුලු පොලිස් නිලධාරීන් රැසක් සහභාගි වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අනාරක්ෂිත ජරා ගොඩවල් ටිකක් ඉන්දියාවෙන් ගෙනල්ලා. රාළහාමිලා කීදෙනෙක්ගේ ජීවිත මහපාරට පුදන්න වෙයිද දන්නේ නෑ...
හිඟන රටක්...
දැන් නියමෙට කුඩු බිස්නස් කරයි. රට නියම ගමන් ටිකක් යයි. ගොන් වැඩම තමයි මේ අය කරන්නේ..
වැඩේ හොඳ පැත්තකුත් තියෙනවා. ඒ වගේම, වාහන මෙසේ ඇණවුම් කිරීමේදී, කාට හෝ ඇණවුම් කරන්නාට අඩුම තරමේ එකකින් රු. 10,000/- ක් වත් කමිෂන් එක තිබුණොත්, ත්‍රීවීලර් 2000 ට රු. 20000000/- යි. එසේ කරානම්, වැඩේ පාඩුම නැහැ.
පොලිසිය කරන වැඩ දැක්කාම. "පනින රිලවුන්ට ඉනිමන් තියනවා වගේ වැඩක්..."
පොලිසිය යන්නෙම වලපල්ලට.. ඉස්සර තිබුණේ ලෑන්ඩ් රෝවර්. ඊට පස්සේ ලෑන්ඩ් කෘෘසර්, මහින්ද්‍රා ජීප්, ටාටා සුමෝ... දැන් ඉතින් ත්‍රි රෝද රථ... පාලකයන්ගේ තත්වය ඕක තමයි...
සර්, කළොත් කරන්නේ ඔයවගේ වැඩක් තමයි ඉතින්..
1960 -1970 අපට තිබුණේ ටැක්සි කාර්, කසිකබල් ත්‍රි රෝද, මේ කරන්නේ තව ගොන් වැඩක්...
ලෝකයේ දියුණුවන කිසිම රටක් මේ ත්‍රිරෝද රථ ගෙනෙන්නේ නැහැ. අපේ රටේ දැනටමත් පාරක යන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ මේ ත්‍රිරෝද රථ නිසා. මෝඩතීරණ ගැනීමෙන් රජයේ අදූරදර්ශීබව මොනවට පැහැදිලි වෙනවද?
මේ හැමදේම දිහා උපෙක්ෂාවෙන් බලන් ඉනනවා
එච්චර වේගවත් ද 3 වීල් ? ලැම්බොගිනි දුන්නා නම් වේගවත් වෙයි.
නියමෙට තියෙයි, අයියලා ටික කලින් ඉඳන් කරගෙන ආපු අපරාධ, දූෂණ නියමාකාරයෙන් විධිමත්ව කරන්න පුළුවන් වෙයි. සරත් විරසේකර ඇමති පනින රිළවුන්ට ඉනිමන් තියෙනවා. ඕවා නෙමෙයි මහත්තයෝ රටේ දැවෙන ප්‍රශ්න. මෙච්චර වසංගතයක් ඇවිල්ලා රටේ ළමයින්ට ඔන්ලයින් ඉගෙන ගන්න සුදුසු වටපිටාවක් නැහැ. ඔච්චරද අඩුපාඩු. අපේ රටේ පොලිසිය ජනතාව වෙනුවෙන් ඒ තරම්ම කැපවෙලා වැඩ කරනවා නේද?
රටේ ත්‍රීවිල් ප්‍රමාණය වැඩි
සමහර ග්‍රාමීය මාර්ග වල යා හැක්කේ ත්‍රී රෝද රථ පමණි. මෙය හොද ක්‍රියාවක්. ඒ වගේම මන්ත්‍රී වරුන්ට සැප වාහන ගෙන්වන්නේ නැතිව ජීප් රථත් ගෙන්වා පොලිසියට ලබා දෙන්න
දිගින් දිගටම බොරු පැමිණිලි නීතියෙන් පිළිසරණක් නැද්ද?
වැරදි තීරණයක්
දෙහි ගෙඩි 3 මිරිස් කරල් 3 සුරයයි දාලා තියෙන්නෙ බය වෙන්න දෙයක් නෑ..
ඒවා දාලා රෙදිපිලිවගේ දේවල් විකුනඅවනම් මිට වඩා හොදයි
පොලිස් සේවයේ ඉක්මන කෙසේ වෙතත් වෙන වෙන දේවල්නම් වෙනවා
ත්‍රීරෝද වලින් "වේගයෙන් ගිහින්" අල්ලන්නෙ "පයින් යන හොරු" වෙන්න ඇති. ඇමති තුමා දන්නේ නැතිද, හොරු, මංකොල්ලකාරයො, මිනී මරුවො වැඩි දෙනෙක් යන්නෙ "ප්‍රාඩෝ" වලින් කියලා.