IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමත කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 වැනිදා සිකුරාදා  ඔහුගේ නිල නිවෙසේදී රැස්විය.

පොලිස්පති වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා පසුගියදා තීරණය කළේය. මේ අනුව ඔහු එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ  අනුමැතිය සඳහා   යොමු කළේය.

සේවා දීර්ඝයට අනුමැතිය දීමට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයාට යැවූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නිල කාලය පසුගිය මාර්තු 26වැනිදායින් අවසන්විය.

මේ අතර  පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගේ  නම් යෝජනාවී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (0)

පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site