(අජන්ත කුමාර අගලකඩ)
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .පූජිත් ජයසුන්දර මහතා මේ සතියේදී පොලිස්පතිධූරයෙන් ඉවත්වීමට නියමිත බවද පැවැසේ.
ඉකුත් කාල සීමාව තුළදී සාමාජයේ අන්දෝලනාත්මක කතාබහට ලක්වූ පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුම් දී තිබේ.
පූජිත් ජයසුන්දර මහතා ඉවත් වීමෙන් පුරප්පාඩුවන පොලිස්පති ධූරයට මධ්‍යම සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ පොලිස් පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මම හිතන්නේ ලංකාව ඇතුලෙම තියෙන 'කොරියාවේ' තානාපති ලෙස මොහු වඩාත් සුදුසුයි කියලා.
අපරාදේ අපරාදේ අපිට විහිළු කතා අඩු වෙනවා.. කමක් නැහැ රටට හොඳ නම්... බුදු සරණයි
මේ පුවතත් රජයේම පාර්ශවයකට හිතවත් මාධ්‍යකරුවන් විසින් තමන්ගේ මාධ්‍ය ආයතන වල පැල කරන ලද තවත් "අතේ රෝලක්" බවයි සමහරු කියන්නේ. මේකත් අර "අගමැතිවරයා ඉල්ලා අස්වෙනවා. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවා.. ජනාධිපති ඝාතන සැලැස්මක් පතුරුවා අගමැතිවරයා අත් අඩංගුවට ගන්නවා" වැනි දැනට පිළුණු වී ඇති කතා වස්තුවලම තවත් දිගුවකි. මේ හැර පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කොට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගෙන එනබවක්ද දැන් ප්‍රචාරය වෙයි. ඉරිදා පත්තර බ්‍රහස්පතින්දා වෙනකොට මුද්‍රණය කරන රටක හරි ප්‍රවුර්තිය කුමක්ද කියා තෝරා බේරා ගැනීම තමයි කාටත් ඇති අවුල...
අවරුදු ගණනාවක් කල පුරුදු රැකියාව කරගන්න බැරිව අනාගත්තා නම් තමන්ට කොහෙත්ම අදාළ නැති ජොබ් එකක් කරන්න ගිහින් මොනවා වෙයිද.?
මොහු කිසිදු තනතුරකට සුදුසු නොවේ...
නීතියට විරුද්ධව අත උස්සන්නේ නැති පුද්ගලයන් නෙරපන්න හදනවා. හැම නායකයාටම වරදින්නේ බලය තමාගෙන් වෙනස් වෙන්නේ නැහැ කියා හිතන් ඉන්න නිසයි.
කොරියාව හොඳ වැඩියි. උගන්ඩාවට හරි ඉතියෝපියාවට හරි තමයි ගැලපෙන්නේ.
කොරියාවෙත් ගිහෙල්ල බෙරගහල නටාවි.........
වැඩබැරි, නොහැකියාවක් ඇති අයට ලැබෙන තැන, තානාපති. රට නියෝජනය කරන තැන්.
ඔව් ඉතින් අපේ රටේ වැරදි කරන ලොකු මිනිස්සුන්ට දෙන උපරිම දඬුවම මේක තමයි. රටින් පිටුවහල් කිරීම...! හොඳ වෙලාවට, විදේශ සේවයේ ඉන්න වෘත්තිකයින්ට, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ මේවට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් නැහැ.
පසුගිය රජය කාලේ හිටපු පොලිස්පති වරුන්ට වඩා මොහු හොඳයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලකයන්ට අවනත නොවී කටයුතු කරනවා. ප්‍රධානම අය කියන විදිහට නීතිය නැමුවා නම් ඔහුට මේ ගැටළු නැහැ. ඔහුගේ අඩුපාඩු ප්‍රශ්නෙකුත් නෙවේ. පූජිතගේ තිබුණ සංදර්ශන අසනීපය නොතිබුනානම් කාටවත් මුකුත් කියන්න බැහැ.ඒක ඉස්සරහට දාලා ඔහුට පහර දෙන එක නොමනා ක්‍රියාවක්. නමුත් අද දේශපාලනයේ මොහුට වඩා නොගැලපෙන අය ඉන්නවා. ඉහළ ඉඳන් පහළටම.
අපේ රටේ විශාල පිරිසක් කොරියාවේ සාර්ථකව සේවයේ නිරත වෙනවා. තමන්ගේ රටේ පොලිස්පති තනතුර ගෞරවාන්විතව දරන්න බැරි පුද්ගලයා කොරියාවේ ගිහින් ඒ මිනිස්සුන්ගේ සේවයටත් කොකා පෙන්නයිද දන්නේ නෑ. දැන් පෙන්නේ නැද්ද කටාර් වලට වෙලා තියෙන දේ.
මේ වගේ නිලධාරීන් රටක තානාපති විදියට දමන්න තරම් මෝඩයෝද රට පාලනය කරන්නේ. මේකද යහපාලනය කියන්නේ. මේකෙන් වෙන්නේ අපේ රටේ අහිංසක කොල්ලන්ට කියක් හරි හොයාගන්න තියෙන මාර්ගයත් වැහෙන්න පුළුවන්, එහෙ ගිහිල්ල පිස්සුවක් කරොත්.
කොරියාවේ තියෙන රස්සා ටිකත් නැතිකරගන්න වැඩක් වෙයිද දන්නේ නෑ.
මේ රට හැදෙන්නේ නේ, ඔබ තුමා යන තැනක නිදහසේ ඉන්න ............ දෙවි පිහිටයි..
පොලිස්පති කමට නුසුදුසු නම් තානාපතිකමට සුදුසුද?
ලංකාවේ වගකීම හරියටම කරපු නිසා තවත් සැප පුටුවක් දීම සුදුසුයි ?
බැරිද විශ්‍රාම ගන්වලා ලංකාවේම පිනක් දහමක් කරගෙන ඉන්න දෙන්න? එතුමා ඉතින් පින්දහම් කටයුතුවලට හරි කැමතියිනේ..
ලංකාවේ අපකීර්තිමත් කම සුදුසුකමක් නේ විදේශ සේවයට. රටකට ගිය කල. අසාර්ථක පාලකයෝ සහ නායකයෝ ගෙදර යවනවා වෙනුවට කරන වැඩ. හේතුව, ඉහලින් ඉන්න ඈයෝ එපමනකටවත් අධ්‍යාපනයක් ලබා නොමැති කම.
දකුණු කොරියාවද උතුරු කොරියාවද ?