(මහින්ද  නිශ්ශංක)

තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (1) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ප්ලාස්ටික් වර්ග 9ක් පමණ මෙම තහනමට අයත් බව ද එම අධිකාරියේ උසස් නිලධාරියා කීය.
 ප්ලාස්ටික් මගින් සිදු වන විශාල පරිසර දූෂණය වැළැක්වීම සහ පාරිසරික ගැටලු අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත් ඔහු පැවසීය.