(දයාරත්න ඇඹෝගම)
වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුමක නිරතවු කැකිරාව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකට රාජකාරියට සාපරාධි ලෙස බලපෑම් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව,ඔලුකරද ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 28 ක් හා 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
වරෙන්තු ලබාසිටි මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් හා මත්කුඩු ලෝලීන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුමක නිරතව සිටි පොලිස් නිලධාරින් පිරිසට කැකිරාව නගරය ආසන්නයේදි මෙම වරෙන්තු කරැවන් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනිමට එරෙහිව පොලිස් නිලධාරින්ට සාපරාධි බලපෑම් සිදුකළ බව පොලිසිය කියයි.
එහිදි පොලිස් නිලධාරින් මහත් වෙහෙසක් දරා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ස්ථානයට ඉදිරිපත් කොට තිබුණි.
තවත් වරෙන්තු කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් බුද්ධි නිලධාරින් පිරිසක් යොදවා ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරැවන් දෙදෙනා අද (02)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදුකරය අවට සහ කොළඹ තදාසන්න නගරවල තිබ්බ මත්ද්‍රව්‍ය දැන් හද්දා පිටිසර ගම්මාන දක්වා ව්යාප්ත වෙලා..