(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම බටකැටිය ප්‍රදේශයේ පාළු නිවෙසක් තුළ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා පොලිස් පරීක්ෂකවරයකුගේ බිරියක් ඇතුළු කාන්තාවන් නවදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියය
පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය මෙහෙයවීමෙන් සුදුපොළ පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරියන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී ප්‍රධාන සැකකාරිය මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩාවේ යෙදීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය මගින් මීට පෙරද අත්අඩංගුවට ගත් තැනැත්තියක් බවට හෙළි වූ බව පොලිස් නිලධාරියා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය නම් ආයේ කතා දෙකක් නෑ..
කොරෝනා අස්සේ ස්වයං රැකියාවක යෙදිලා වගේ...
මෙයාටත් නමක් නැතිවීම අරුමයකි. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද ලෙස විමසන්නා සේ ගෙදර උන්දැ මෙහෙම නම් පුරුෂයා කොහොම හැසිරෙන්නේද විමසීම ඵල රහිත ක්‍රියාවකි...
ඇයගේ සැමියා පොලිස් නිලධාරියෙක්ය. නමුත් ඇය මේ විෂම ලෝකය තුළ තම පුරුදු ගති සිරිත් අනුව ජීවිතය ගෙවන තවත් එක් ගැහැණියක් පමණි. අපමණ අවිධිමත් දෑ සිදුවන මේ යුගයේ මේ එක් පුංචි සිදුවීමක් පමණි...
ඔය අසීලාචාර ගෑණුන්ගේ වැඩවලට හදපු වදපු දෙමව්පියන් හෝ ස්වාමිපුරුෂයන් පලි නැහැ. ඔය කාන්තාවන් හැදුණු වැරැද්ද තමයි. පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ වසන් කරන්නේ නැතුව...
සූදු කෙළලා විතරයිනේ... එහෙම වුණා නම් වන්දි නඩුවක් වත් දාන්න තිබුණා.
මෙව්වට සල්ලි කුඩු මුදලාලිලාගෙන්ද?