IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පොලිස් නිලධාරියට බෝතලෙන් ගැසූ ප්‍රා මන්ත්‍රී මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 52 පුද්ගලයෙකි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී  විශාල කණ්ඩායමක් ඊට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නියැලී සිටි අතර  එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පුද්ගලයෙකු විසින් බෝතලයකින් පහර දී තුවාල සිදු කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර දී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටි මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජයතුංග මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.



අදහස් (0)

පොලිස් නිලධාරියට බෝතලෙන් ගැසූ ප්‍රා මන්ත්‍රී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 458 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16938 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site