
(ඩයනා උදයංගනී)
පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා පත්‍ර මාස හයක් ඇතුළත විභාග කර අවසන් කළේ නැත්නම් ඒවා ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
පොලිස් නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය හරියට කරන්නට ගොස් මානව හිමිකම් නඩු පවා වැටී ඇතැයි කී ඇමතිවරයා එවැනි අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
එමෙන්ම දීර්ඝකාලීන චෝදනා පත්‍ර ඇති නිලධාරීන් ද සිටින බව කී වීරසේකර මහතා 35 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබූ බවද කීවේය.
එම තත්වයට හේතුව යාන්ත්‍රණයේ තිබූ අඩුපාඩුකම් බැවින් අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සමඟ එක්ව ඒ පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බවද පැවසීය.
ඒ අනුව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා සති කිහිපයක් තුළ එම ගැටලු විසඳන බව කීය.
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මේ බව පැවසූයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනට එක්වෙමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සමස්ත රාජ්‍ය සේවයටත්, සියලු සිවිල් පුරවැසියන්ටත් අදාල විය යුතුයි...
අනුන්ගේ සල්ලි වලින් ජිනීවා ගොස් ලොකු ෂෝ පෙන්නපු මෙයා ඇත්තටම ඒ ගමන් වලින් ලංකාවට අත්කර දුන්නේ මොනවද? ඇයි දැන් ජිනීවා යන්නේ නැත්තේ...? ඡන්දෙ ඉවර නිසාද...? රට බේරාගන්න ජිනීවා යනවා කියලා ඉතාලියේ මෝදෙනාහි කෝටිපති කීර්ති රත්නලා එක්ක සවාරි ගැහුවද? නැත්නම් ඇත්තටම ජිනීවා ගොස් රට බේරාගත්තද?
සැබෑ කාර්යක්ෂම යාන්ත්‍රණයක් නොමැති නම් පැමිණිලි පාර්ශ්වය අගතියට පත්වෙනවා. එවැනි යාන්ත්‍රණයක් වහාම ඇතිකළ යුත්තේද ඔය කියන අයම නොවේද?
ඔබතුමාට තිබුණු තත්ත්වය ඔබතුමා විසින්ම නැති කරගත්තා. තව චුට්ටක් හරි මිනිසුන් තුළ තිබෙනවා නම් ගෞරවයක්.. එයත් නැතිවෙන්න මොනව මොනවා හරි කරන්න. පොලිසියට ඒ වගේ විශේෂ වර්ප්‍රසාද දුන්නාම සාමාන්‍ය ජනතාවට කාගේ පිළිසරණක්ද..? එහෙම වුණොත් අනිවාර්යයෙන් පොලිසියේ අයට යෙදෙන චෝදනා පොලිසිය විසින්ම ප්‍රමාද කරනවා. එක රටක් එක නීතියක් කියා නේද කිව්වේ..?
මෙයා කරන්න හදන්නේම මරි මෝඩ අමන වැඩ. චෝදනා පත්‍ර කඩිනමින් විසඳන්නේ නැත්නම් ඒවා කඩිනමින් විසඳෙන යාන්ත්‍රණයක් හදන එක රජයේ වගකීම. එහෙම නැතිව වැරදි කළ අය මාස හයෙන් නිදහස් කරලා දානවා නම් මොකක්ද පැමිණිලි කාරයගේ තත්වය. චෝදනා කඩිනමින් විසඳන්නේ නැත්නම් ඒක පැමිණිලිකාරයාගේ වරදද..?
මේ තරම් තනතුරෙන් ඉදිමුණු කවුරුත් මේ ආණ්ඩුවේවත් නෑ. ප්‍රායෝගික නොවන දේ කියන කරන කෙනෙක්.
ෆයිල් එක මාස 06ක් යට ගහගත්තොත් ගොඩ... ඒකද මේ කියන්නේ?
ඔය ක්‍රමය මුළු ජනතාවටම පොදු නීතියක් කරන්න. අන්තිමට ඕකෙන් වාසි ගන්නේ දේශපාලකයන්ට කඩේ ගිය හොර, අපරාධකාරයින් සෙට් එක...
අපූරු පොලිස් ඇමැති. නීතිය පිළිබඳ සෑහෙන පරිණත බවක් තිබෙනු පෙනේ...
පනින රිළවුන්ට ඉනිමං බඳිනවා වගේ... අතීසාරෙට අමුඩ ගහන් නැතිව නඩු හබ කාර්යක්ශම කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මහත්මයා...
මේ නීතියෙන් වෙන්නේ පොලිස් සෙට් එකත් නීති උල්ලංගනය කරලා, මේ නීතියේම නිදොස් වී නිදහස් වෙයි. මේක පොලිසියට විවිධ අපරාධ කිරීමට අතදීමක්... පොලිස් ඇමති කළොත් කරන්නේ ඔය වගේ රටට කිසිම වැඩදායක නැති ගොන් වැඩක්මයි. ඉස්සර නම් හෙන පොර ටෝක්... පළාත් සභා අහෝසි කරනවා කිව්වා. බුර්කා තහනම් කරනවා කිව්වා. ඇත්තටම හෙන පුස්වෙඩි කාරයෙක්. සරත් ෆොන්සේකා මේ වගේ අය එක්ක කොහොම යුද්ධ කළාද මන්දා...
මම විදුහල්පතිවරයෙක්... මගේ රාජකාරි වැඩ තහනම් කරලා අවුරුදු දෙකකට පස්සේ තමයි විනය පරීක්ෂණය පැවැත්වූයේ... ඒකත් අවුරුදු පහක් තිස්සේ පැවැත්වූවා. මා රාජ්‍ය මුදල් වංචාවක නිරතව නොමැති බවත්, පෙර වැරදි කිසිවක් නොමැති බවත්, දීර්ඝ කාලයක් රජයේ ගුරුවරයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත් සඳහන් කර මා සේවයෙන් නෙරපා නොහරින ලෙස ගරු ඒක පුද්ගල විනිශ්චය සභාව ලිඛිත උපදෙස් දී තිබියදී මගේ විනය බලධරයාද නොවන දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා මා සේවයෙන් නෙරපා හැරියා. එහෙම කළේ දකුණු පළාත් මහ ඇමැතිට පාසල් ඉඩම් අත්පත් කර ගැනීමට මා සහයෝගය නොදැක්වූ නිසා. මේක තමයි රටේ තත්වය. මම පොලිසියට කිව්වා. පොලිස් කොමිසමේ සභාපතිට මා කිව්වේ මගේ උස අඩි 5 යි අගල් තුනයි. නමුත් මට සිදුකල අසාධාරණය පිළිබඳ ගොනුකළ ලිපිගොනුවල උස අඩි 6 ක් වන බවයි. පොලිස් කොමිසමද කළේ තනිකරම බොරුවක්. මම ලැහැස්තියි මේ ගැන ඉදිරිපත් වෙලා කරුණු කියන්න. මට කළ අසාධාරණය දැක්කොත් පුදුම හිතෙනවා. ඉදිරියේදී මම රටටම කරුණු දැනගන්නට සලස්වනවා. අඩුම තරමින් මූලික විමර්ශන නිලධාරියාවත් මට එරෙහි පරීක්ෂණයට සාක්ෂි දීමට කැඳවීමට කටයුතු කළේ නැහැ...
ඊළඟට මෙවැනි ක්‍රමයක් දේශපාලකයන්ටත් හදාගන්න. නියමයි එතකොට... !!!
අනේ ඉතින්
මිට වඩා පහසුයි පැමිණිලි භාරගන්නේ සිද්ධිය වෙලා පැය 6ක් ඇතුලත කියල කිව්වනම්.
මෙතන කට්ටියගේ භාෂාව සංවර වැඩියි. හැමෝගෙම හිතට එන වචන ලියන්න බෑ.
ඔය නීතිය ශානි අබේසේකර මහතාට අදාල වෙනේ නැහැ නේද ඇමතිතුමා.?
අපිට ඔබ ගැන යම් පැහැදීමක් තිබුනා. ඒත් මේ වගේ වැඩ කරනකොට...
පොලිසියට තියෙන චෝදනා විමර්ශනය නොවන එකයි ඇත්තම ගැටලුව. ඕනතරම් චෝවනා තියෙනව විමර්ශන වෙන්නෙ නෑ ඔවුන් ඒ තනතුරුවල එහෙමම ඉන්නවා. පුරුදු විදියටම වැරදිත් කරගෙනම. පොලිසියේ 99% තියෙන්නෙ චෝදනා විතරමයි.