
(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ හතමුණ මංසන්‍න්‍ධියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අනතුරට ලක්කරමින් අද(19) අලුයම ටිපර් රථයක් නොනවත්වා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.
එම අනතුරින් තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන් (50795)එම්.කේ.මුස්තාපා සහ පොලිස් කොස්තාපල්(62851)ආර්.කේ.රත්නායක යන දෙදෙනාය.
ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත.
ටිපර් රථය එම අනතුරෙන් පසුව නොනවත්වා ධාවනය කර ඇති බවත් එය පැමිණ ඇත්තේ මින්නේරිය දෙස සිට පොළොන්නරුව නගරය දෙසට බවත් අනාවරණයවී ඇත.
එම ටිපර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොළොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල ටිපර් පොලිසියට යන්නේ නෑ. නරක කාලයක්