
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
කිසිදු අයුරකින් මාධ්‍යයට තොරතුරු වසන් කරන්නේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මාධ්‍යයට තොරතුරු දෙන්න එපායැයි පොලිස් චක්‍රලේඛනයක් නිකුත් කළ බවට චෝදනාවක් නැගුනා.මාධ්‍යයට තොරතුරු දෙන යම් යම් සීමාවන් තියෙනවා.අප මේ චක්‍රලේඛයෙන් පවසා තියෙන්නේ විමර්ශනයට බාධා වන ආකාරයෙන් තොරතුරු දෙන්න එපා කියන කාරණය පමණයි.
වැලිගම සභාපතිවරයා ඝාතන අවස්ථාවේ සමාජ මාධ්‍යයට නිකුත් කෙරුණු රූප රාමූ පෙළක් පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා ඒ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.එක සාමාන්‍ය චක්‍රලේඛයක් .ඊට පෙරත් චක්‍රලේඛ තුනක් නිකුත් කර තිබෙනවා.අනාගතයේදීත් එවැනි චක්‍රලේඛ නිකුත් වෙනවා.
එයින් සිදු කරන්නේ මාධ්‍යයට තොරතුරු වසන් කිරීම නොවේ.විමර්ශන වලට බාධා වන අයුරින් තොරතුරු එළියට දීම තහනම් යන කාරණය පමණක් සඳහන් කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසි වලින් මාධ්‍ය වලට දෙන්න පුළුවන් තොරතුරු තිබෙනවා... මාධ්‍ය වලට දෙන්න බැරි රහස්‍ය ඒවා තිබෙනවා. ඒකට තමා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ඉන්නේ මේවා තෝරා බේරා පිළිතුරු දෙන්න. එහෙම නැතුව සමහර පොලිස් නිලධාරීන් පාරේ තොටේදී, ඇමැතිවරු වේදිකාවල, සුදා වැනි youtube කාරයෝ තමන්ගේ youtube චැනෙල් වල කියන්න ගියාම කවුද අත්අඩංගුවට ගන්නේ? කවුද නැත්තේ කියලා මේක මහා අච්චාරුවක් වෙනවා. සමහර මෙහෙයුම් කලේ කොහොමද? කවුද කලේ ඇතුළු නිලධාරීන්ගේ පින්තුර සහිත මෙහෙයුම් වල සියලු විස්තර ලෝකෙටම බෙදා හැරියම මේවා නිරීක්ෂණය කරන පාතාලේ ආරක්ෂක පියවර අනුගමනය කරනවා. එතකොට බුද්ධි මෙහෙයුම් කරන්න අපහසු වෙනවා. මෙවැනි සරල දේවල් දන්නේ නැතුව ආණ්ඩු කරන්න බැහැ .. මයික්රෝ ෆෝන් එකක් දැක්ක ගමන් බුද්ධිමත් දේශපාලකයන් හිතේ තිබෙන සියලු දේවල් වමාරන්නේ නැහැ...