(ඉන්දිකා රාමනායක)
ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අද (14) අවසන් බව පොලිස් කොමිසම් ආරංචි මාර්ග පවසයි.
2015 ඔක්තෝබර් මස 14 වැනි දින වසර තුනක කාලයක් සඳහා ජාතික පොලිස් කොමිසම පත්කර තිබූ අතර එහි නීත්‍යානුකූල නිල කාලය අදින් අවසන් වේ.
කොමිසමේ නිල කාලය අදින් අවසන් වුවද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරීන් මණ්ඩලයක් පත්කෙරෙනතුරු වත්මන් නිලධාරී මණ්ඩලයට තවදුරටත් එහි රැඳී සිටිමින් කටයුතු කළ හැකි බව පොලිස් කොමිසමේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
සමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත ජාතික පොලිස් කොමිසම සමාජිකයන් පත්කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිදුකරනු ලබයි.
ජාතික පොලිස් කොමිසම වෙත ගත වූ වසර තුනක කාලය තුළ පැමිණිලි 900 ට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර මින් 500 ට ආසන්න ප‍්‍රමාණයක් පොලිසියට එරෙහිව මහජන පැමිණිලි බවත් සෙසු පැමිණිලි පොලිස් නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන් ලැබී ඇති බව කොමිසම් ආරංචි මාර්ග පවසයි.
මින් සියයට 75 ක පැමිණිලි සඳහා විසදුම් ලබා දීමට කටයුතු කර ඇති බවද කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් තිබුණත් නැතුව වගේ නේ. අපේ බදු සල්ලි නාස්ති නොකර දැන් ඕක සදහටම වහල දාන්න.
පිහිටවපු කොමිෂන් සභාවලින් රටේ ජනතාවට හා ආයතනික සේවකයින්ට තරමක හෝ ඵලදායී සේවයක් සිදුවුණේ පොලිස් කොමිෂමින් පමණයි. අනෙක්වා නමට පමණයි ක්‍රියාත්මක වුණේ.
කොමිසමේ කාලය අදින් අවසන් බව බලධාරීන් දන්නෙත් පත්තරෙන්ම වෙන්න ඇති.