(නිමන්ති රණසිංහ)

මහ මග ගමන් කරමින් සිටි පොලිස් ඔත්තුකරුවකුට පහරදී ඔහුගේ ජංගම දුරකතනය කොල්ලකෑ බව කියන කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සදහා ඔහු පදිංචි නිවසට පොලිස් නිලධාරීන් පිරිසක් පිටත්ව ගොස් තිබුණද මේ වන විට ඔහු එහි නොමැති බවට හෙළිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.


මෙම උප පොලිස් පරීක්ෂකවරයා විසින් අයුතු අවහිරය සිදුකර පහරදී ජංගම දුරකතනය කොල්ල කනු ලැබ ඇත්තේ, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද පාර ප්‍රදේශයේ පදිංචි අයකුට බව ද පොලීසිය සදහන් කරයි.

තමා මීට ඉහතදි කොළඹ මධ්‍යම සහකාර පොලිස් අධිකාරීවරයා වෙත ගොස් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් හොරොයින් ඡාවාරමක් සිදුකරනු ලබන බවට තොරතුරක් ලබාදී ප්‍රකාශයක් ද ලබා දුන් බවත්, එම අමනාපය හේතුවෙන් උප පොලිස් පරක්ෂකවරයා තමාට තර්ජනය කරන්නට ඇති බවත් පහර කෑ පුද්ගලයා කොම්පඤ්ඤවිදය පොලීසියට පැමිණීල්ලක් කර තිබිණී.

මෙම පැමිණීල්ලට අදාළව කොම්පඤ්ඤවීදිය විමර්ශනයක් ආරම්භ කරඇති අතර මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව එහි ප්‍රකාශකයෙක් පැවසීය