(කාංචන කුමාර ආරියදාස)
පුල්මුඩේ ඛනිජ වැලි නිධියේ වැලි, සංහිඳියාව යන වචනයට මුවාවී සොරාගන්නා බවත් එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට පහරදී පළවා හරිමින් රාජකාරි කටයුතුවලට බාධා කරන බවත් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සේවකයෝ කියති.
ලංකා ඛනිජ වැලි සංස්ථාව අයත් පුල්මුඩේ පිහිටි විශාල ඛනිජ වැලි නිධිය මෙරටට විශාල විදේශ විනිමය ලබාදෙන ඛනිජ වැලි නිධිය බවත් එය ආරක්ෂා කරගැනීමට නොහැකිව බරපතල ප්‍රශ්නයක් පවතින බවත් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනි ඉන්දිකා රණතුංග මහත්මිය පැවසුවාය.
ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය එක්ව මෙම වැලි රහසිගතව රැගෙන යන බවද සභාපතිවරිය සඳහන් කළාය. පොලිස් විශේෂ කාර්ය බලකාය පොලීසියේ සහය ඇතිව පසුගිය දිනයක මෙම වටිනා වැලි නිධිය වෙන්කර වැට ගැසීම සඳහා ගිය අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සේවකයන්ට වැට ගැසීමට ඉඩ ලබා නොදී කලබලකාරී ලෙස හැසිරුණු බවත් සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.
අති විශාල මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ලබාදෙන මෙම ඛනිජ වැලි සම්පත දේශපාලන අධිකාරියේ බූදලයක් බවට පත් නොකර රටේ පොදු සම්පතක් හැටියට ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව සේවකයේ පැවසූහ. පසුගියදා මෙම ස්ථානයට වැට ගැසීම සඳහා ගිය ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සේවකයන්ට මෙම ප්‍රදේශවාසීහු හා දේශපාලන අධිකාරිය පොලු මුගුරුවලින් පහර දෙන්නටද වූ බව ද ඔවුහු පවසති.
දේශපාලන අධිකාරිය ආගම්වාදය ජාතිවාදය අවුළුවමින් සංහිඳියාවට බාධාවක් ඇති වන බව පවසමින් දේශපාලන අධිකාරිය මෙයාකාරයෙන් හැසිරීම නිසා විශාල මුදලක් රජයට අහිමි වෙන බව ලංකා ඛනිජ වැලි සංස්ථාව සේවකයෝ කියති. ඉදිරියේදීත් රාජ්‍ය නිලධාරීන්ට අඩන්තේට්ටම් කිරීම, පහරදීම, රාජකාරියට බාධා කිරීම ආදී කටයුතු සිදුකළහොත් අනෙකුත් වෘත්තීය සමිති සහ රාජ්‍ය ආයතන දැනුවත් කර ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව එහි සේවකයෝ වැඩිදුරටත් කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ අරන් ගියදෙන් 113 තියාගන්න එපෑය
සන්හින්දියාවනේ... ඔන්න ඕක සෞදියටම දීල දාන්න.....
රටේ සිදුවෙන හැම අපරාධයට දේශපාලන අනුග්‍රහය ලැබනවා. ඕනෙම වංචා, දුෂණ, හොරකම් වලට අඩුම තරමින් එක් දේශපාලකයක්, එක් ව්‍යාපාරිකයක් සහ එක් රාජ්‍ය නිලධාරියක් හවුල් වෙනවා. මම මෙතන සියලු දේශපාලකයන් සහ සියලු රාජ්‍ය නිලධාරීන් ගැන නොවේ සඳහන් කරන්නේ. මහ බැංකු වංචා හොඳ උදාරණයක්.
මහ ජාතියක ඉරණම සුළු ජාතීන්ට පැවරූ ලොව පළමු හා එකම රට වර්තමාන ශ්‍රී ලංකාවයි.
දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ආදී වශයෙන් සඳහන් නොකර, මොවුන් චෝදනා කරන අයගේ නම් කරුණාකර සඳහන් කරන්න. එවිට මහජනයාට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත හැක. මෙවැනි ප්රවෘත්ති පළකිරීම ඵලදායි නොවේ.
කෝ මේ ගොයියා !!!
ගරු ජනාධිපතිතුමනි, නීතිය හා සාමය රකින පොලිසියේ එකම රාජකාරිය කුඩ්ඩන් ඇල්ලීම පමණක් නොවෙයි. කුඩු ඇල්ලිය යුතුයි. ඒ වගේම තවත් ගොඩක් වැඩ පොලිසියට තියෙනවා. පොලිසිය සහ හමුදාව යොදවා ආරක්ෂාව ඇතිව මේ ලිපියෙහි තියෙන රජයේ ආයතනයට අයත් ඉඩමේ ශක්තිමත් තාප්පයක් බැඳවීමට ඔබතුමාට නොහැකි නම්...ඔබතුමාගේ " කොන්ද "පිළිබඳව දෙපාරක් නැවත නැවතත් සිතීමට අපට සිදුවනු ඇත.