
(සඳලි සත්සරණි)
වෙළෙඳපොළේ සියලුම පලතුරු වස විසෙන් තොර, උසස් ප්‍රමිතියෙන් යුත් සුරක්ෂිත පලතුරු බවට සහතික කිරීමේ විශේෂ නියාමන වැඩපිළිවෙළක් අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සහ පලතුරු ඉදවීමේදී සිදුවන පසු අස්වනු හානි අවම කරගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව කී අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය, පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා රේගුව නිලධාරීන් සමඟ එක්ව මෙම වැඩපිළිවෙළ සංවිධානය කළ බවද පැවසීය.
පලතුරු ගොවීන්, අතරමැදි වෙළෙඳුන්, අලෙවිසැල් හිමියන් සහ සුපිරි වෙළෙඳසල් ජාල හා සියලු පාර්ශ්වයන් වස විසෙන් තොර පලතුරු නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය පිළිබඳව දැනුවත් කිරීමට නියමිත බවත් වස විසෙන් තොර බවට සහතික කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පෙන්වා දෙමින් ඉහළ ප්‍රමිතීන්ට ඔවුන් දිරිමත් කර හුරු කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව තෝරාගත් පලතුරු නිෂ්පාදකයන් කිහිපදෙනකුට අදාළ රාජ්‍ය ආයතන මගින් අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දී "වස විසෙන් තොර පලතුරු ඉදවන “ ආදර්ශ තාක්ෂණික කුටි" සකස් කිරීමේ පියවරද ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසීය.
සුරක්ෂිත පලතුරු සඳහා විශේෂ ප්‍රමිති සහතිකයක් ලබා දීම, ක්ෂණික පරීක්ෂණ මගින් වෙළෙඳපොළ නියාමනය කිරීම, නවීන තාක්ෂණික ඉදවීමේ කුටි සකස් කිරීම සහ වෙළෙඳුන් ලියාපදිංචි කර පුහුණු කිරීම හා නිරෝගී පරපුරක් වෙනුවෙන් වස විසෙන් තොර, ගුණාත්මක සහ සුරක්ෂිත පලතුරු පාරිභෝගිකයා අතට පත්කිරීමද වැඩසටහනේ අනෙකුත් අරමුණු බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd