IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොල්තෙල් සියයට 72 ප්‍රමිති පරීක්ෂාවක් නෑ

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන පොල්තෙල් වලින්  සියයට හැත්තෑ දෙකක් සම්බන්ධයෙන් ප්‍රමිති පරීක්ෂාවක් සිදුවී නොතිබුණ  බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ  වාර්තාවක සඳහන් වේ.

මේ අතර පොල්තෙල් නිෂ්පාදනය සඳහා තරු පහකින් යුත් ලාංඡනය 2019 වර්ෂයේදී  ලබාගෙන තිබුණේ පොල් තෙල් මෝල් හතක් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සහ   අපනයනය කරනු ලබන පොල් නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිති නියම කිරීම හා පවත්වාගෙන යෑම පොල් සංවර්ධන අධිකාරියේ වගකීමක් බව විගණන අංශ එම වාර්තාවෙන්  පෙන්වා දෙන්නේය.

මේ අතර  කොහු කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අදාළ පාර්ශවයන් පුහුණු කිරීමේ අරමුණින් 2006 වර්ෂයේදී ආරම්භ කර තිබූ  දුන්කන්නාව කොහු සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය කටයුතු සේවක හිඟය හා යන්ත්‍ර උපකරණ අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් 2020 වර්ෂයේ සිට නතර කර තිබූ බව පවසන  විගණන කාර්යාලය මේ හේතුවෙන් රුපියල් ලක්ෂ  15 ක වියදමින් මිලදීගෙන තිබූ යන්ත්‍රෝපකරණ සහ ගෘහ උපකරණ  විනාශවීමේ අවදානමක පැවතුන බවද  සඳහන් කළේය

පසුගිය වසර  හතරක කාලය තුළ ෆාම් ඔයිල් ආනයනය මෙට්‍රික් ටොන් 199433ක් වූ බවත්  ඒ අනුව ප්‍රමිතියෙන් යුත් යුතු පොල්තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු නොකර දේශීය පොල්තෙල් පරිභෝජනයෙන්  වැඩි කොටසක්  ෆාම් ඔයිල් හා ආනයනික පොල්තෙල්වලින් සපුරා ගැනීම පොල් සංවර්ධන අධිකාරියේ  අරමුණුවලට අනුරූප නොවන බවත්  විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පොල් සංවර්ධන අධිකාරියේ අලුත්ම කාර්ය සාධන වාර්තාවේය.



අදහස් (1)

පොල්තෙල් සියයට 72 ප්‍රමිති පරීක්ෂාවක් නෑ

prasanna Monday, 03 April 2023 11:31 AM

අවුරුද්ද කිට්ටු වෙනකොට මොනම හරි කුනුගොඩක් ඇදගෙන දන්ගලනව.... පුදුම් රටක් , අපිකන හැම දෙයක්ම අගුනයි ,ඔනවට වඩා කෑවොත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site